Danaya, Danaye Anisansa saha Vishaka Mathawa – Ven Na Uyane Aridhamma Thero

Na_Uyane_Theroදානය, දානයන්ගේ ආනිසංස සහ විශාකා මාතාව

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

විශාකා මාතාව කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආ මහ පින් ඇති, නුවණ ඇති උත්තාමාවක්. උපන්නේ මහා පුණ්‍ය ඍධි ඇති නිවසක. විශාකාව ඉපදී සත්වෙනි අවුරුද්දේ අපගේ සර්වඥයන් වහන්සේ බුදුවී පලවෙනි වස්සාන කාලය ගෙවී රජගහ නුවර සිට එක්දහස් දෙසිය පනහක් සඝ පිරිස පිරිවරා ගෙන මගද රට චාරිකාවක වඩිද්දී, භද්‍ය නගරයේ විශාකා මාතාවගේ නිවසේදි කළ ධර්ම දේශනාව අසා එවකට සත් හැවිරිදි වියේ සිටි විශාකා කුමාරිකාව ඇතුළු පවුලේ සියලු දෙනා සෝවහන් ඵලයට පත් පත් වූහ.

මෙසේ තවදුරටත් විශාකා කථා පුවත ගැන දීර්ඝ විස්තරයක් කිරීමෙන් අනතුරුව නා උයනේ අරියධම්ම මහනාහිමියන් වහන්සේ බුද්ධ සාසනයේ විශාකාවගේ දන් පින්කම් අගය කරමින් සියළු දෙනා දන් දිය යුතු අන්දම සහ එම දානයන්ගේ ආනිසංස පැහැදිළි කරමින් බුදුරජානන් වහන්සේ දේශනා කොට වඳාළ ධර්මය විග්‍රහ කරමින් බෝධීපාක්ෂික ධර්ම වැඩීම තුලින් මාර්ගඵල ලබන ආකාර සත(7) ගැන මනාව මෙම දේශනාවෙන් පැහැදිලි කරයි.

.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10963

Leave a Reply