Sasanaya Pawathnaa Kaalaya – Ven Rerukane Chandawimala Thero

Buddhist_flag_with_Dharma_wheelශාසනය පවත්නා කාලය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

විනය පිටකයේ චූලවග්ගපාළියේ භික්ඛුනීඛන්ධකයේ හා අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයේ ද දක්නා ලැබෙන පාඨයක් දක්වමින් ඇතැම්හු මෙකල බුදු සස්නක් නැත, භික්ෂූන් නැත, දැනට සිටින භික්ෂුහු භික්ෂු ප්‍රතිරූපකයන් මිස නියම භික්ෂුහු නො වෙති ය. දැන් නියම සංඝරත්නය නැතය යි පවසති.

බුදුරජානණ් වහන්සේ විසින් සද්ධර්මය ඉදිරියට පවත්වා ගෙන යාමට උපදෙස් දීම් වශයෙන් සද්ධර්මයාගේ චිරස්ථිතියට සහ පරිහානියට හේතු දක්වන සූත්‍ර බොහෝ ගණනක් වදාරා ඇත්තේය. මාගේ මේ විනය මේ ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා තථාගතයන් වහන්සේ විසින් ආඥාවක් පිහිටුවා නැත.  

මහනාහිමියන් විසින් රචිත “සූවිසි මහා ගුණය” පොත නම් කෘතියෙන් පිටපත් කරන ලද පිටු කීපය (අංක 392 සිට 396) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

පිටු අංක  392 සිට  396 දක්වා කියවීමට 

================================================================

සම්පූර්ණ “සූවිසි මහා ගුණය” පොත පහත වෙබ් පිවිසුමෙන් ඔබට ලබාගත හැක.

http://www.dhammikaweb.com/?p=1789

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10154

Leave a Reply