Keetaagiri Sutta, Majjima Nikaya

කීටාගිරි සුත්‍රය –මජ්ක්ධීම නිකාය

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂු සංඝයා සමග කසී ජනපදයෙහි සැරිසරන අවස්ථාවේ දී භික්ෂූන් අමතා “මහණෙනි! රාත්‍රී භෝජනය ගැනීමෙන් වළකින මට නිරෝගී භාවය, නිදුක් භාවය,ශරීරයේ සැහැල්ලු පැවැත්ම,කාය බලය සහ සැපසේ වාසය කිරීම යන ආනිසංස ලැබේ” “එව! මහණෙනි තොපත් රාත්‍රී භෝජනයෙන් වළකිව. එසේ වළකින තොපට ද එම ආනිසංස පහ ලැබේ”

ඒ කාලයෙහි අස්සජි – පුනබ්බසුක නම් භික්‍ෂූහු රාත්‍රී බෝජනය ගැනීමෙන් ම මෙම ආනිසංස පහ ලැබෙන බවට ප්‍රකාශ කිරීම යන මතය නැති කිරීම උදෙසා භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්‍ර දේශනාව වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාවෙන්  අප්‍රමාදී ව වාසය කරන ලෙසට උපදෙස් නොදෙන රහත් භිකෂූන් (උභතොභාග විමුත්තය සහ පඤ්ඤාවිමුත්තය)  සහ ඊට පහලින් එන  කායසක්ඛිය, දිට්ඨප්පත්තය, සද්ධාවිමුත්තය, ධම්මානුසාරීය, සද්ධානුසාරීය පුද්ගලයන්ට අප්‍රමාදී ව වාසය කරන ලෙසට උපදෙස් දීමෙන් පසු ඉන්ද්‍රියන් තුලනය කර ගන්නා ආකාරය තුලින් පරම සත්‍ය අවබෝධ කර ගැනීමේ ප්‍රතිපදාව ගැන දෙසූ සූත්‍ර දේශනාව සමින්ද රණසිංහ මහතා සූත්‍ර දේශනාවට අනුවම මනාව පැහැදිලි කිරීම අද දවසේ සිටිනා බුදුරජානණ් වහන්සේගේ සුත්‍ර දේශනාවන්ට පරිභාහිරව තමන්ගේම මතයන් ප්‍රකාශ කරන්නන් හට මහගු ආදර්ශයකී.

වර්තමානයේ ධර්මය සරල කර දේශනා කිරීම තුලින් සිදුවී ඇති අර්ථ විනාශකිරීම් සහ අර්ථ බාල කිරීම් හදුනා ගෙන මෙවන් වූ සුත්‍ර දේශනා තුලින් බුදුරජානණ් වහන්සේ දේශනා කළ නිර්මල වූ සද්ධර්මය සියල්ලෝ ම අවබොධ කර ගනිත්වා! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2011/07/Bana_14.HQ_Keetaagiri_Sutta_2009Jan25atRaju.mp3[/mp3]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9671

Leave a Reply