Sariputta Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

compress_Sdownloadසාරිපුත්තථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(01)

අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි සිල්වත්වූ ද,  වෘත සම්පන්නව  හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ පඤ්චාභිඥා බලයට පැමිණි ´සුරුචි´ නම් තවුසෙක්ව සිටි සැරියුත් මහරහතන් වහණ්සේ, ගෞතම බුද්ධ සාසනයේ නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන මනා විස්තරයක්  අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි ද, දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය. ශක්‍ර දේවේන්ද්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.

මෙයින් එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය. උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ඇති ඖරස බුද්ධපුත්‍රවූ,  ධර්‍මයෙන්ම මවාලූවාක් වැනි නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වන්නේය.

ඉන් පසු සැරියුත් මහරහතන් වහණ්සේගේ ප්‍රඥාවෙහි මහිමය කෙළවරක් නොමැති බවට උපමා දක්වමින් අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ දීර්ඝ විග්‍රයක් මෙම “අපදානපාළියෙන්” පිටපත් කොට ඉදිරිපත් කර ඇති කොටසෙන් ඔබ හැමට ලබාගත හැක.

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/sariputtatherapadanan.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9466

Leave a Reply