අභිධර්ම මාර්ගය
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
දෙව්, මිනිස්,ඇත්, අස්, ගව, මැසි, මදුරු, ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං,ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි.
දැනට ජීවත්ව ඉන්නා මේ මනුෂ්‍යාදී සත්වයන් අතීතයේහි ද විසූ බවත්, මරණින් මතු නැවත නැවතත් උපදනා බවත්, නැවත ඉපදීම සිදුවන සැටිත් හරියට දත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.
පින්ය කියාදෙයක් ඇති බවත්, පව්ය කියා දෙයක් ඇති බවත්, ඒ පින් පව්වල ඇති බලයත්, පින් පව්වලින් සත්වයන්ට සැප දුක් දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි. පින් මේවා ය, පව් මේවා ය කියා හරියට දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.
නිවන කුමක්ද? නිවන් මග කුමක් ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේ ද අභිධර්මය උගෙනීමෙනි.
මතු ඉපදීමක් ඇති බව නො පිලිගන්නේ, කර්මානුරූප ව සත්වයන් සුව දුක් ලබන බව නො පිලිගන්නේ, අපායවල් ඇති බව දෙව් බඹුන් ඇති බව නො පිලිගන්නේ මේ ධර්මය නො දන්නා බැවිනි.
බුදු පිළිමවලට වදින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසාය.
බෞද්ධයෙක් වුව ද මේ අභිධර්මය තරමක් දුරටවත් නො දත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ තේරුම් ගත් නො හැකිය. කියන බණක් හොදින් තේරුම් ගත හැකි වීමටත්,බණ පොතක් කියවා හොදින් තේරුම් ගත් හැකි වීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතු ය.
සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.
1 comment
No ping yet
chathura prashan says:
July 3, 2012 at 10:14 PM (UTC 5.5)
Buduguna ananthai…………..Mema Website eka nirmanaya kala oba samata Pinsidda wewa…………….meya siyalu denama balanna kiyala mama aradana karanawa…………Theruwana saranai