Sabbasawa Sutta – Majjhima Nikaya

සබ්බාසව සුත්‍රය – (සියලුම ආශ්‍රවයන්ගෙන් බේරි සිටිම)

බුදු දහම නිර්වාණය අරමුණු කරගත් ප්‍රතිපදා මාර්ගයකි. නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමේ දී ආශ්‍රවයන් සමනය කරගැනීම අත්‍යවශ්‍ය වේ. ප තුළ ඇති වනආශ්‍රවයන් නිසා අපගේ නිර්වාණ මාර්ගය අවහිර වනවා පමණක් නොව කායික හා මානසික රෝගීන් බවට ද අපි පත්වෙන්නෙමු.

කායිකව හා මානසිකව නිරෝගී වීමට නම් ආශ්‍රව යටපත් කරගෙන සමනය කරගෙන ජීවත්විය යුතු ය. බුදුරජාණන් වහන්සේ ‘පභස්සරමිදං භික්ඛවේ චිත්තං’ යනුවෙන් පැහැදිලි කර ඇත්තේ පුද්ගලයකු උපත ලබන අවස්ථාවේ ඔහුගේ සිත ඉතා පිරිසුදු තත්ත්වයේ පවතින බව යි. නමුත් පුද්ගලයාගේ් වැඩීමත් සමග බාහිර ලෝකය සමග ස්පර්ශ වීම නිසා ඔහුගේ සිත අපිරිසුදු තත්ත්වයට පත් වෙයි. අප කුඩා දරුවකු දෙස සැලකිල්ලෙන් බැලුවහොත්, මෙයින් නිවැරැදි කුමක් ද යන්න වටහා ගත හැකි ය. මවුපියන් තමන් සමඟ අමනාප වූ පුද්ගලයකු සමඟ දරුවට කතා කිරීමට සිනාසීමට එපා කීවද, ඔහු කතා කරයි. සිනාසෙයි. එසේ නම් පුද්ගලයකුගේ සිත උපතින් අපිරිසුදු නැත. නමුත් වයසින් වැඩෙත්ම දරුවා විවිධ පුද්ගලයන් සමග කතා නොකර සිටීමට පෙළඹෙයි. අමනාපයට පෙළඹෙයි. මෙයින් පැහැදිලි වන්නේ සිග්මන් ප්‍රොයිඩ්ගේ මතය නොව, බුදුන් වහන්සේගේ සාධකයන් සමග පැහැදිලි කිරීම මොන තරම් නිවැරැදි ගැඹුරට(සූත්‍රය කියවා අවබෝධ කරගැනීම තුලින්) යන ඉගැන්වීමක්ද කියා.

බුදුරජාණන් වහන්සේ ආශ්‍රව සමනය කරගන්නා ආකාරය  පහත මජ්ඣිම නිකායේ-සබ්බාසව සූත්‍රයේ (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමලාවෙන් පිටපත් කරගන්නා ලදී) මනා ලෙස පැහැදිලි කර ඇත.

සූත්‍රාන්තපිටකයෙහි, මජ්ජිම නිකා(1) , සබ්බාසව සුත්‍රයෙන් පිටපත් කර ගත් අංක 18 සිට 29 දක්වා පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.


[pdf]http://www.dhammikaweb.com/pdfs/Sabbasawa-Sutta_Majjhima-Nikaya.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8530

Leave a Reply