Parusha Vachanaya – Ven Rerukane Chandawimala Manahimi

දශ අකුසලයේ – (6 – 10) ‘පරුෂ වචනය’

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශඅකුසලයේ සයවන අකුසළය වන “පරුෂ වචනය” ගැන පලකර කොටසින් . (පිටු අංක 70 -73) උපුටා ගන්නා ලදී.  ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.

පරුෂ වචනයෙන් වැළැක සිටීම ගුණවත් මිනිසුන්ගේ දහමෙකි. සැඩ ගොරෝසු වචනයට තිරිසනා පවා අකමැතිය. ඒ ගැන මිනිසුන්ගේ අපි‍්‍රයත්වය ඉතා අධිකය. සමහර මිනිසුන්ගේ කටේ කෙටේරියක් තිබේ. (පුරිසස්හි ජාතසස් කුඨාරි ජායතෙ මුඛෙ) යි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙබඳු මර්මචේඡදක සැරපරුෂ වචන කතා කරන්නවුන් අරමුණු කරගෙනය. අනුන් ගේ සිත් සතන් තුටු පහටු වන්නාවූ මනොඥ වචනයක්ම කියන්නැයි ද අමනොඥ වචන කිසිවිටෙකැ නොකියන්නැ (මනුඤ්ඤමෙව භාසෙය්‍ය නාමනුඤ්ඤං කුදාවනං) යී ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පි‍්‍රය මනාප වචනය උතුම් මිනිස් දහමක් බැවිනි.


[pdf]http://www.dhammikaweb.com/pdfs/6_DasaAkusala__Parusha_Vachanaya.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5972

Leave a Reply