Sankhara – Ven Nawala Dhammananda Thero

සංඛාර

නාවල ධම්මානන්ද හිමි

රූප උපාදානාස්කන්ධය, වේදනා උපාදානාස්කන්ධය සංඥා උපාදානාස්කන්ධය, සංඛාර උපාදානාස්කන්ධය යන හතර සහිත විඤ්ඤාණය උපාදානවීම මත තමයි මෙලොව හා පරලොව අතර ගමන් කරන ධර්මය සිදුවන්නේ.කිසිදාක විඤ්ඤාණය, රූප, වේදනා සංඤ්ඤා සංඛාරා කියන අනිත් ධර්ම හතර නැතිව කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි දේශනා වුණා. ඒ කොතැනද? (සංයුක්ත නිකාය උපායවග්ග 2 සූත්‍රය) රූපස්කන්ධයෙන් තොරව, වේදනාස්කන්ධයෙන් තොරව,සංඤ්ඤාස්කන්ධයෙන් තොරව සංඛාරා ස්කන්ධයෙන් තොරව, විඤ්ඥාණස්ස ස්කන්ධයාගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් පනවනවයි කියල එකක් කිසි කලෙක වෙන්නට බෑ ඒ මොකද? විඤ්ඤාණය යම් තැනක නම් පවතින්නේ ඒ පවතින තැන රූප වේදනා සංඥා සංඛාර කියන හතර පැවතිය යුතුය.


[pdf]http://www.dhammikaweb.com/pdfs/book_001_sankhara.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5918

Leave a Reply