Suwada Padma

ආචාර්ය ගාමිණි කාරියවසම් (Dr Gamini Kariyawasam)

බෞද්ධයාට නිවන් ගමන පහසු කිරීම සඳහා ආමිස පූජාවෙන් ආරම්භවීමට අවස්ථාව සලසා දී ඇත. එය ප්රතිපත්ති පූජාව හරහා සියල්ල අත්හැරීම මගින් නිර්වාණය පසක් කර ගැනීම සඳහා මිස දිගින් දිගට පවත්වාගෙන යාමට නොවේ. එහෙත් වර්තමානයේ ආමිස පූජාව හරහා බෞද්ධයන් මුලාවන තරමේ රැල්ලක් පවතී.

ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියල පූජා ක්‍රම දෙකක් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. සාමාන්‍ය මිනිසුන් කරන දන්දීම, වන්දනාමාන කිරීම ආදිය ආමිස පූජා කියනවා. මේවා බුද්ධ කාලයේත් ඉන් එපිටත් තිබුණා. ඒත් ආමිස පූජාව බුද්ධ ප්‍රශංසාවට ලක්වූ දෙයක් නෙවෙයි. එයින් කියැවෙන්නෑ ආමිස පූජාව වැරැදි දෙයක් කියලා. ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව එකකට එකක් සම්බන්ධ යි.

ඒත් බලන්න මහා පරිනිබ්බාන සූත්‍රයේ පරිදි බුද්ධ පරිනිර්වාණය සිදු වන්න ටික වේලාවකට පෙර දෙවියන් බ්‍රහ්මයන් හා මිනිසුන් විශාල වශයෙන් බුදුන්ට විවිධාකාරයේ පූජා පැවැත්වූවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ අහනවා අපි බුදු සිරුර සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕනෑ මොන විදියේ ක්‍රමයක් ද කියලා. ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ දේශනා කරනව ආනන්ද මම දීපංකර බුදු රජාණන් වහන්සේගේ පාද මූලයේ සිට ප්‍රාර්ථනා පිරුවේ මේ මල් පූජා සුවඳ දුම් පූජා සංගීත තුර්ය නාද පූජා පතාගෙන නෙවෙයි. දානාදි පෙරුම් දම් පිරුවේ මේවා බලාගෙන නෙවෙයි. යමෙක් තෙරුවන් සරණ යයි නම් පන්සිල්, දසසිල් රකියි නම් දන් දෙයි නම් මව්පියන් රකී නම් දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කරයි නම් ඒකයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ’ කියලා.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Suwada_Padhma_DrGamini_Kariyawasam.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5130

2 comments

  1. v.v.v. useful book for students

    • darshi on July 6, 2011 at 11:20 am
    • Reply

    thanks

Leave a Reply