අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායී ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන් ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන් ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථ වලින් සොයා ගත හැකිය. එය කෙතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරණ ලද්දේ දැ යි කියතොත් පසළොස් දිනකට වරක් ශික්ෂාවන් සිහිපත් කර ගත යුතු බවත්, එසේ නො කිරීම ආපත්තියක( වරද )ට හේතුව වන බවත් වදාළහ. තමාට තමා ම වංචා සහගත නො වීමේ පදනම මත ගොඩනගන ලද භික්ෂු ජීවිතය පිළිබද මනා පාලනයක් විනය ශික්ෂාවන්ගෙන් සිදු කෙරේ. එහෙයින් වරදත්, ඊට සුදුසු දඬුවමත් නො සඟවා, විනය ශික්ෂාවන් ගුරුතන්හි ලා සලකන භික්ෂූන් නිසා ශාසනය චිරස්ථායි වීම ගැන කවර කථා ද?
සියලු ම විනය ශික්ෂාවෝ පස්මහ පොතකින් පරිමිතයහ. 1.පාරාජික 2.පාචිත්තිය 3.චූලවග්ග 4.මහාවග්ග 5.පරිවාර වශයෙනි. එයින් පාරජික, පාචිත්තිය යන ග්‍රන්ථ ද්වයෙහි වදාළතාක් ආඥා දේශනාවන් ඉතා සංක්ෂිප්ත කොට සකස්කළ ශික්ෂා සංග්‍රහයකි, උභය ප්‍රාතිමෝක්ෂය.
[pdf]http://www.dhammikaweb.com/pdfs/36257776_Ubhaya_Prathimokshaya_උභය_ප්‍රාතිමෝක්ෂය.pdf[/pdf]
.
Recent Comments