Bodhi Pakshika Dharma Wistharaya – Ven Rerukane Chandawimala Thero

Bodhipakshika-darma-vistharayaබෝධි පාක්ෂික ධර්ම විස්තරය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි.

ලෝකයා විසින් අවිද්‍යාව සත්ව පුද්ගල ආත්මාදී වශයෙන් සලකා ඇලුම් කරන මේ පංචස්කන්ධය වනාහි මනාස්වාදයක් ඇති මහා දුක්ඛස්කන්ධයකි. මහා ආදීනව රාශියකි.

ක්‍රමයෙන් දිර දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රන්කඳය, සුරංගනාවය කියා ඒ ඒ අය වැළද ගත් සිපගත්, ඒ ශරීරයට ළංවන්නට වත් කවුරුත් කැමති නො වන්නාහ.    

පංචස්කන්ධය සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී අපාය දුක්ඛයෙන් නිවන් සැපය ලැබීම සදහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්මය වැඩීම ය. අතීතයෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් ම ය.

අනාගතයෙහි නිවන් දකිනවුන් එය සිදු කර ගන්නේත් ඒ මාර්ගයෙන් ම ය. එය හැර නිවනට තවත් මගක් නැත්තේ ය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන්ගේ සන්තානවල ඒ ධර්මය වර්ධනය කෙරෙත්වා!! 

බෝධිපාක්ෂික ධර්ම පිළිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.  

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3467

1 comments

1 pings

  1. මම විදේශ ගතව හෙදියක ලෙස සේවය කරමි.
    මම ස්වාමින් වහන්සෙගේ පොත් බලමින් ඒවා ධාරණය කර ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටිනවා. අන්තර්ජාලය තුලින් නොමිලේ ලබාගැනීමට සලස්වමින් සිදුකරන්නාවූ මෙහෙවරට මාගේ නමස්කාරය පුද කරමි. මේ සඳහා දායක වූ සැම මේ පින් බලයෙන් මේ භවයේදීම නිවන් අවබෝධ කර ගනිත්වා.

  1. […] Download […]

Leave a Reply