Buddhaghosa – An ‘Agent’ of Brahmins?

බුද්ධඝෝෂ  හිමිබ්‍රාහ්මණයන්ගේ ඒජන්තවරයෙක් ද?

බ්‍රාහ්මණයන් කිසිවිටෙකත් තම අභිමතාර්ථය වෙනුවෙන් ක්‍රියා කිරීම නතර කළේ නැත. වේදයට සියුම් වෙනස්කම් හඳුන්වා දී, හින්දු ආගම බ්‍රාහ්මණ ආගමට පරිවර්තනය කර, තමන් ‘අතරමැදිකරුවන්’ ලෙස පත්කරගෙන, අද දක්වාම සමාජ දේහය විනාශ කරන කුල ක්‍රමයක් නිර්මාණය කළහ. 

මෙම කූට උපක්‍රම අතරේ ඔවුන් බුදුදහමට එරෙහි නොවී කලේ ඉතා සූක්ෂම ලෙස බුදුන් වහන්සේව ඇතුළත් කරගත්තේ: විෂ්ණුගේ නවවන අවතාරය කරවීමෙන්! හොඳයි, ඔවුන් එතැනින් නොනැවතුණු අතර, , බුදුන් වහන්සේගේ නිර්මල ඉගැන්වීම් බ්‍රාහ්මණයන්ගේ අනසකට යටත් කර ගැනීමට උත්සාහ කළ අතර, ලක්දිව බුදුදහම වේගයෙන් ලංකාව පුරා පැතිරෙන්නට විය. මෙන්න මේ හේතුව නිසා ඔවුනගේ ඊලග කූට ඉලක්කය ලංකාව දෙසට ක්‍රියාත්මක වීමේ ක්‍රියාන්විතය පහත ආකාරයට සිදු විය.

5වන සියවසේ භාරතීය ථෙරවාදී බෞද්ධ විද්වතා වූ බුද්ධඝෝෂ ථෙරවාදයේ වැදගත්ම විචාරකයා ලෙස සමහරු සලකන නමුත් බොහෝ දෙනෙක් ඔහුව සලකන්නේ බ්‍රාහ්මණයන්ගේ ‘ඒජන්ත’ ලෙසය.

සිංහල බසින් ලියැවුණු අටුවා පොත් විශාල ප්‍රමාණයක් සංස්ලේෂණය කර පාලි ග්‍රන්ථයට පරිවර්තනය කිරීමේ වගකීම බුද්ධඝෝෂ හිමි කර ඇති බව පැවසේ. මේ සිංහල අටුවා පරිවර්තනයෙන් පසු ගිනිබත් විය. එය බුද්ධඝෝෂ විසින්ම කරන ලද්දක් බවට විශ්වාසයක් පවතී. (අපගේ අදහස නම් බුද්ධඝෝෂ බ්‍රාහ්මනයින් සමග එකතුව බුදුදහම බ්‍රාහ්මණ ආගමට පරිවර්තනය කර, තමන් ‘අතරමැදිකරුවන්’ ලෙස පත්කරගැනීමේ සියළු වැඩපිළිවෙල සකස් කරගෙනයි ලංකාදීපයට ගොඩ බැස්සේ.

ඒ බව බුද්ධඝෝෂ මෙරටට ගොඩ බැස්ස විගස ඔහුට හොද පසුබිමක් සකස් වී තිබුනා. බොහෝ දුරට ඉංදියාවේ සිටම මහා විහාරවාසී ස්වාමීන් වහන්සේලා හමුවෙන්න වැඩපිළිවෙල සාදාගෙනම පැමිණෙන්න ඇත. එම නිසා මහා විහාරවාසී ස්වාමීන් වහන්සේලා මේ බුද්ධඝෝෂ හිමිව පිළිගත්තා පමණක් නොව ඔහු මෙරට පැමිණි ක්‍රියාන්විතයට සියලු පහසුකම් සැලසූවා. මේ වනවිට ලංකාවේ තිබුනේ මහානාම රාජ්‍ය සමය( ක්‍රි ව 409-431) – මෙම මහානාම රාජ්‍ය සමය තමයි ලංකා මහාවිහාර වාසී භික්ෂූන් මහාසේන රජුගේ සමයේ (ක්‍රි.ව 334-362) එල්ල වූ වූ දරුණු ප්‍රාහාරවලින් බැට කා, අභයගිරිය වාසී භික්ෂූන්ගේ සමෘද්ධිමත් කාලය දැක දැක සිටි කාලය

අභයගිරිය වාසීන් හමුවේ, ඔවුනගේ සමෘදිමත් කාලය දැක දැක සිටි කාලය. මෙන්න මේ කාලයේ තමා බුද්ධඝෝෂ හිමි ගොඩ බහින්නේ. දැන් අපට සිතා ගන්නට හැකියි බ්‍රාහ්මනයින් ප්‍රමුඛ බුද්ධඝෝෂ හිමිගේ සූක්ෂම සැලැස්ම ලංකා බිමේ ඉතාමත් අපූරුවට ක්‍රියාත්මක කිරීමේ බිම සැකසී තිබූ බව…… 

සම්පූර්ණ ලිපිය කියවීම

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=23091

Leave a Reply