The profiteer and the monk – ලාභසත්කාර සහ භික්ෂුව

වර්තමාන ලාංකීය සමාජයේ මෙන්ම බුද්ධකාලයේ පවා ප්‍රත්‍යයන්ට ගිජුව ලාභසත්කාර කීර්ති ප්‍රශංසා වලින් ක්‌ලාන්තව තම ආජීවය කිළිටි කරගත් භික්‌ෂුහු සිටි බැව් පෙන්වන සාක්‌ෂි ත්‍රිපිටක සාහිත්‍යයෙහි එමටය. එවන් පාපිච්ඡ ප්‍රවණතාවයන් මෑත  කාලයක සිට වෙන කවරදාටත් වඩා ලාංකික භික්‌ෂු ශාසනය තුලින්ම මතුවන්නනට පටන්ගෙන තිබීම මහත් අවාසනාවකි.  

මෙහිදී සමහර භික්ෂූන් වහන්සේලා ලාභසත්කාර වලට ලොල්ව බුදුවඳනෙන් පිට පැන දායක පිරිස් එකතු කිරීමේ කූට ක්‍රියාවන් සිදුකරගෙන යන බව කාටත් නො රහසකි.  මේ සදහා දහමේ සන්වේදී වූ කොටස් විකෘති කර භාවිතා කිරීම ඊටත් වඩා භයංකරය. උදාහරණයක් ලෙස බුදුරජාණන් වහන්සේ  දේශනා නො කල දේවල්,  අප සූත්‍රයන් කීපයක් ගෙන මෙය තවදුරටත් විග්‍රයක  යෙදීමේ දී පලමුවෙන්  මහාපරිනිර්‍වාණ සූත්‍රයේ “පළොල්ගම උවසුන්ට අවවාද”: 23 යටතේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නට යෙදුන,

24. පඤ‍්චිමෙ ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම‍්පදාය. කතමෙ පඤ‍්ච?(24. ගැහැවියනි, සි ල්වත්හුගේ සිල්සම්පත්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද? ….ආදී වශයෙන් විග්‍රහ කරගෙන ගිහින්  මේ අනුසස් පහේ හතර වන අනුසස වන අසම‍්මූළ‍්හො කාලං කරොති. (සිහි මුළා නොවී කලුරිය කෙරෙයි)

මනුශ්යන්ගේ මේ අවසාන මොහොත කියන සන්වේදී වූ කොටස ගෙන සමහරක් ස්වාමීන් වහන්සේලා බුද්ධ වචනයට විකෘති විග්‍රහයන් දීමෙන් දායකයන් රැස් කරගැනීමට භාවිතා කරන්නේ ඉතාමත්ම සූක්ෂමවය. මේ උන්නාන්සේලා මතුකරනවා, මැරෙන මොහොතේ මැරෙන බව දැනගන්නව ද, නැද්ද? ඒ වෙලාවේ සිතුවිලි වල හැසිරීම මොන වගේ ද? ඔය වගේ මිනිසුන්ගේ සිතේ කුතූහලය අවුස්සා තමන් පැත්තට ලංකරගැනීමේ උත්සාහයන් තරුණ භික්ෂූන් කීපනමක් දරමින් සිටී. සම්ච්චලයට කාරණය වන්නේ ඒ සිත්දැකීමේ හෝ මැරෙන මොහොතේ ඒ ඒ සිතිවිලි නැති කරගැනීමට ප්‍රතිපදාවක්/වැඩපිලිවෙලක් මොවුනට පෙන්වා දීමට නො හැකි වීමයි. බලන්න ඔවුනගේ මතයන් සහ බුදුවදන අතර වෙනස, බහුතරයක් මිනිසුන්ට ඝෝචර නොවන මේ  විකාරරූපී සිතුවිලි වෙනුවට බුදුරජාණන් වහන්සේ දේශනා කලේ හේතුඵල දහමක්, හේතුව නැසූ කල ඵලයක් නැත යන්නයි. ඔබට පහත විග්‍රහයෙන් මේ හේතුව නැසීමේ මග අනුව මරණාසන්න සිතුවිලි වලට වන්නේ කුමක් ද කියා බුද්ධ වචනය ඇසුරෙන් ම පහසුවෙන් වටහා ගත හැක. 

ඒ අනුව බුදුරජාණන් වහන්සේ මුලානොවී මැරෙන්න නම් කලයුත්තේ කුමක් ද කියා සූත්‍ර ගණනාවක දී පෙන්වා දී තිබෙන වා.  මේ මහාපරිනිර්‍වාණ සූත්‍රයන් පෙන්වා දුන්නේත් සිල්වත් වීමෙන් මේ අනුසස් පහ(05) ලැබෙන බවයි.

  1. “සීලවා සීලසම‍්පන‍්නො මහන‍්තං භොගක‍්ඛන්‍ධං”(භෝග රැසක් ලබයි)
  2. “සීලවා සීලසම‍්පන‍්නො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති”(සිල්සපන් සිල්වත්හු පිළිබඳ කලණ කිත්හ‍ඬෙක් උස් වැ නැ‍ඟෙයි).
  3. “යඤ‍්ඤදෙව පරිසං උපසඞ‍්කමති”(සිල්වත් තෙමේ  බමුණුපිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ මහණපිරිසක් හෝ යම් යම් පිරිසක් කරා එළැ‍‍ඹේ ද, නොබිය වැ තෙදැති වැ එළැඹෙයි.) ,
  4. “සීලවා සීලසම‍්පන‍්නො අසම‍්මූළ‍්හො කාලං කරොති,(සිල්වත් තෙමේ  සිහි මුළා නොවී කලුරිය  කෙරෙයි) 
  5. “සීලසම‍්පන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති (සිල්වත් තෙමේ  කාබුන් මරණින් මතු සුගතියේ ඉපදේ) . 

සම්පූර්ණ  මහාපරිනිර්‍වාණ සූත්‍රය අවබෝධයෙන් කියවීමට පිවිසෙන්න

තවත් සමහර ස්වාමීන් වහන්සේලා ලාභසත්කාර උදෙසා දායකයින් එකතු කරගන්නේ මෙසේයි, මේ උන්නාන්සේ තමා රහතන්වහන්සේ නො කියා රහතුන් මගේ කියා. තමා නොව, තමා නොවූ තමාම කියනවා එකතරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් දකිනවා මෙහෙම ප්‍රේත කොටසක් පව් කරල අපායේ මෙසේ දුක් විදිනවා කියා අසත්‍ය කථා. මේවා බුදුන් දෙසූ දහම් නොව, මනංකල්පිත කතා ආස්‍රයෙන් දායකයන් රැස් කරන තවත් කූට උපක්‍රමයක්.  තමාට ගැලපෙන දහමක් සොයන අයට මේ මාතෘකාවට හිත වැටුනු විගස ඒ ස්වාමින් වහන්සේ පසුපස අන්ඳයන් සේ සාදු සාදු සාදු කිය එක් රැස්වෙනවා. ඉන්පසු ඔවුනට බුදුන් වන්නේ ඒ හිමිනමයි. එවිට ලාභසත්කාර ඒ හිමිගේ නමට ගලා එන්න පටන් ගන්නවා. අද ලංකාවේ සිදුවන්නේ මේ නස්පැත්තියයි. 

මේ ගැනත් බුද්ධ වචනය ගෙන විග්‍රහ කිරීමේ දි මෙවන් පැනයකින් ආරම්භ කල විට පහසුයි. ප්‍රේතයන් ගැන බුදුන්වහන්සේ  වදාළාද? – ලක්ඛණ සංයුක්ත සූත්‍රයන්හි කිසිම අවස්ථාවක “ප්‍රේත” යන වචනය යෙදී නැති නමුදු, මුල් සූත්‍ර නමයෙහිම දැක්වෙන සත්වයන් සදහා අටුවාකරු ප්‍රේත යන වචනය යොදා ඇති බව පෙනේ. මුල නිකාය ග්‍රන්ථයන්හි ‘ප්‍රේත” යන වචනය යෙදී ඇති ආකාරය අනුව, මෙම යෙදීම කෙසේ ගැළපේ දැයි විමසිය යුතුය…..

…..ප්‍රේතයන් යන්නෙන් ප්‍රේත ආත්මයට උපන් භූත වර්ගයක් අදහස් කිරීම බුද්ධ කාලයට සියවස් කිහිපයකට පසුව සිදුවූ ගෝත්‍රික ආගමික ඇදහිලි මිශ්‍රවීම නිසා ඇති වූ වෙනස් වීමක් වශයෙන් දැක්විය හැකිය. පශ්චාත් පිටක ග්‍රන්ථ යුගයට අයත් ප්‍රේත වත්ඨු සහ විමාන වත්ථු යන ග්‍රන්ථ මෙන් ම, අට්ඨකථාවලින් ද පෝෂණය කරන ලද්දේ මෙම පසුකාලීන වර්ධනයක් බව සැලකිය යුතු ය. එමෙන්ම සංයුක්ත නිකායේ, නිදාන වග්ගයේ එන ලක්ඛණ සංයුක්තයේ මුල්ම සූත්‍රය වන 7.1.1. අට්‌ඨිසඞ්ඛලික සූත්‍රය පරිශීලනය කළවිට බුදුරජාණන් වහන්සේ අකුසල් කර ඇටසැකිල්ලක් බවට පත්වූ සත්වයෙක් ට කිසිම නමක්( ප්‍රේත යනුවෙන්) නම් නො කර බවට. බලන්න පරීක්ෂාවෙන් පාළියේ  “අට‍්ඨිකසඞ‍්ඛලිකං” කිව්වා මිසක් ප්‍රේතයෙක් නොකී බවට නමුත් සිංහල පරිවර්ථනයේ වරහන් තුල (පරේතයකු දිවැසින්*) සදහන් පාළියේ ප්‍රේත තියා දිවැස් කතාවක් පවා නොමැත. තවදුරටත් කියවීමට

මතු සම්බන්ඳයි….

 

ආශ්‍රිත ග්‍රන්ථ:-

  1. 5. ලාභසක්කාර සංයුක්තයසූත්‍ර ගණනාවකම තිබෙන්නේ  “ලාභසත්කාර කීර්ති ප්රශංසා” පස්සේ ගොස් භික්ෂූන් ට වන අන්තරායන්
  2.  7.1.1. අට්‌ඨිසඞ්ඛලික සූත්‍රය
  3. 5.1.3. කුම්‌ම සූත්‍රය – 5. ලාභසක්කාර සංයුක්තය, නිදාන වග්ගය, සංයුත්ත නිකාය
  4. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිජු වූයේ යකටුවෙන් දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, … උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලමු. … මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
  5. ප්‍රේතයන් ගැන බුදුන් වදාළාද?   
  6. “සිවුපස පරිභෝගය” – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි    මේ ශාසනයෙහි භික්ෂුසාමණේරයන්ට චීවරාදී සිවුපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසා ය.  උන්වහන්සේ නො අනු දැන වදාළ සේක් නම්, මේ සිවුපසය නො ලැබෙන්නේ ය. එබැවින් ඒ සිවුපසය බුදුන්වහන්සේට අයත් ය.උන්වහන්සේ ඒවා අනුදැන වදාළේ දුශ්ශීලයන්ට නොව සිල්වතුන්ට ය. දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ට ම අනුදැන වදාළ, සිල්වතුන්ට ම දෙන සිවුපසය දුශ්ශීලව හිඳ පරිභෝග කිරීම සොරකමකි……

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=23061

Leave a Reply