දඹදෙණි කතිකාවත (දඹදෙණි සාහිත්‍ය යුගයේ දී රචනා වුනු)

සිංහල රාජධානි මුල්කොට ගෙන සාහිත්‍ය යුග වශයෙන් බෙදා දැක්වීම සාහිත්‍ය ඉතිහාසය දැක්වීමේ එක සම්ප්‍රදායකි. ඒ අනුව සිංහල සාහිත්‍ය ඉතිහාසයේ යුග කීපයකි.

  1. අනුරාධපුර යුගය.
  2. පොළොන්නරු යුගය.
  3. දඹදෙණි යුගය.
  4. කුරුණෑගල යුගය.
  5.  ගම්පොළ යුගය.
  6. කෝට්ටේ යුගය.
  7. සීතාවක යුගය.
  8. මහනුවර යුගය               වශයෙනි

දඹදෙණි කතිකාවත, දඹදෙණි සාහිත්‍ය යුගයේ දී, රජරට ශිෂ්ටාචාරය බිඳ වැටී රාජධානි නිරිත දිගට සංක්‍රමණය වූ අවධියක පැරණි ශ්‍රී විභූතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ දැරූ දෙවන පැරකුම්බා රජ පළමුවන පැරකුම්බා රජුගේ ගල්විහාර කතිකාවත හා තුන්වන විජයබාහු රජුගේ කාලයේ කළැයි සැලකෙන කතිකාවතක්‌ ගුරුකොට ගෙන අමුතු කතිකාවතක්‌ ලෙස දඹදෙණි කතිකාවත සම්පාදනය කිරීමට පුරෝගාමී විය. ආරණ්‍යක මේධංකර ස්‌වාමීන් වහන්සේ කතිකාවතෙහි කර්තෘත්වය දැරූහ.

මෙම ලේඛනයේ අරමුණ වනුයේ දඹදෙනි කතිකාවත ලියෑවුණු අවධියේ සංඝ සමාජය කවරාකාර වී දැයි යන්න විමසීමට එම කතිකාවත මූලාශ්‍රවයක්‌ ලෙස වැදගත් වන්නේ කෙසේ දැයි ආර්ථික, දේශපාලන හා සමාජ ව්‍යුහය තුළ පිරික්‌සා බැලීමයි. ඹදෙණි කතිකාවත සම්පාදනයට අවශ්‍යතාව මතුවූයේ කෙසේ ද?

මහා පරාක්‍රමබාහු රජු (1153-1186) විසින් ගල්විහාර කතිකාවත සම්පාදනය කර නිකාය සාමගි්‍රය හා බුදු සසුනේ චිරස්‌ථිතියට කටයුතු කළ ද නිකාය සංග්‍රහය පවසන්නේ ඔහු මියගොස්‌ තිස්‌හය වසරක්‌ ගිය තැන ශාසන ශුද්ධිය නිම වූ බවය. (නිකාය සංග්‍රහය 22). ඉන්පසු පිරිහෙන්නට වූ ශාසනය අප්‍රතිපත්තියෙන් හා දුෂ්ප්‍රතිපත්තියෙන් මුදා ආරක්‌ෂා කිරීමට වත්හිමි විජයබාහු රජු (1232-1236) තවත් කතිකාවතක්‌ කර තිබේ…..

…..විශේෂයෙන් දඹදෙණි රජවරුන් බුදු දහමට දැක්‌වූ අනුග්‍රහය සුවිශේෂී විය. සිය පියා වූ 3 වන විජයබාහු විසින් මේ වන විට ආගමික පුනර්ජීවය සඳහා කටයුතු සම්පාදනය කර තිබිණි. දකුණු ඉන්දියාවට ගොස්‌ සිටි උගත් බහුශ්‍රැත තෙරවරුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවා තිබිණි. එමෙන්ම දන්ත ධාතුව හා පාත්‍රා ධාතුවද වැඩමවා තිබුණි. (මහා වංසය) 81 පරි (20-23 ගාථා). මේ අනුව රාජ්‍යත්වය හා බැඳුණු බෞද්ධ සංකේත පරාක්‍රමබාහු අතට පත් වී තිබිණි. එය අතිශයින් වැදගත් කරුණක්‌ විය.

…..දඹදෙණි කතිකාවත හෙළි කරන තවත් කරුණක්‌ වන්නේ එකල මහා ස්‌වාමි නමින් තනතුරක්‌ සංඝ සමාජයේ ස්‌ථාපිතව පැවති බවයි. ගල් විහාර කතිකාවතේ හෝ මෙවැන්නක්‌ සඳහන් නොවෙයි. පිරිහුණු සංඝ සමාජය එක්‌ අතකින් රාජ්‍යයත්වයෙන් ද අනෙක්‌ අතින් එම බලය හා සෘජුව සම්බන්ධ සංඝ සමාජයේ එක්‌ තනතුරක්‌ මගින් ද යම් පාලනයකට ලක්‌ කිරීම සඳහා මේ තනතුර ඇති කළා විය හැකි ය. සංඝ නායකත්වය වෙනුවෙන් පැවති බල අරගලයක්‌ පිළිබඳව කතිකාවත් පාඨයක්‌ මගින් ම හෙළි වේ. එනම්,’බහු නායකත්වය නම් ශාසන විලෝපයට ඒකාන්ත හේතු බැවින්’ යන පාඨයයි. ....Read more 

Source පිරිවෙන.lk Logo

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=22259

Leave a Reply