‘පින්කම් භූමියේ දී පිපාසයෙන් පෙළෙන කෙනකුට තම වතුර
බෝතලයෙන් දිය බිඳක් දීමට
අකමැත්තක් දක්වන අය සිටින බව ද රහසක් නොවේ. අද වන විට පාසල් නොපැමිණි දරුවකුට නොපැමිණි දිනයේ ඉගැන්වූ පාඩම් සටහන් ලියා ගැනීමට පන්තියේ මිතුරකුගෙන් පොත් ඉල්ලා
ගැනීමට අසීරු තත්වයක් ඇති වී තිබේ. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසන පරිදි මෙවැනි
වාතාවරණයක් ඇති වූයේ
තරගකාරිත්වය හා
ආත්මාර්ථකාමිත්වය නිසාය. එසේ නම් ආගමික වතාවත්වල යෙදෙන ලක්ෂ ගණන් පිරිස ආගමික
සංස්ථාවලින් උක ගා ගෙන තිබෙන්නේ කුමක්ද ? ඊළඟට පැන නඟින ගැටලුව එයයි.’
“අද බොහෝ පිරිසක් ආගමික වතාවත්වල යෙදෙන බව අපිට පෙනෙනවා. ඕනෑම ආගමික දර්ශනය තියෙන්නේ ජීවිත හදාගන්න. එයින් පරාර්ථය ඇති කරනවා. ආගමික වතාවත්වලින් කෙරෙන්නේ දහමේ අඩංගු කාරණා ප්‍රායෝගික කිරීම. ඒත් අද ප්‍රශ්නය තියෙන්නේ අද පෞද්ගලික අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වීම. අද වන්දනාවේ යන්නේ, පූජා පවත්වන්නේ පිහිටාධාර ඉල්ලා ගන්න. එයින් ජීවිත වෙනස් වෙන්නේ නැහැ. වන්දනා ස්ථානවල , පූජා පින්කම්වල අපි ලක්ෂ ගණන් පිරිසක් දකිනවා. ඉල්ලීම්වලට වතාවත් කරන සමාජයක් අද අපි දකින්නේ. ආගමෙන් ගොඩක් දේවල් ඉල්ලා ගන්න තමයි එන්නේ. ඉතින් කොහොමද ශික්ෂණයක් ඇති වන්නේ?” යනුවෙන් කුරණ සාන්ත ආනා දේවස්ථානයේ මීසම සේවක සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ අප වෙනත් මානයකට යොමු කරමිනි.
එහි සත්‍යතාවක් ඇති බව අපට පෙනී යන්නේ ආගමික වතාවත්වල නිරත වන අයගේ අරමුණු සොයා බැලීමේදී ය. අයකුගේ ප්‍රාර්ථනාව විභාගයකින් ජය ගැනීමය. තවත් අයකුගේ අපේක්ෂාව රැකියාවක් ලබා ගැනීම ය. තවත් කෙනෙකු ප්‍රාර්ථනා කරන්නේ විදෙස්ගත වීම ය. නැතහොත් විවාහ කටයුත්තක් සාර්ථක කර ගැනීමය. මේ අනුව ආගමික වතාවත්වල යෙදෙන්නන්ගේ ඉල්ලීම් රාශියකි. මෙවැනි ආත්මාර්ථකාමී හැඟීම්වලින් පිරුණු ඉල්ලීම් අතර ජීවිත ස්වාභාවය හඳුනාගෙන කරුණාව, මෛත්‍රී පෙරදැරි කර ගනිමින් පුණ්‍ය කටයුත්තක යෙදෙන පින්වතුන් සිටින්නේ අතේ ඇගිලි ගණනට විය හැකිය. ඉතින් ආගමික ශික්ෂණයෙන් හා හැදියාවෙන් පිරුණු සමාජයක් අපට උරුම වන්නේ කෙසේද ?
Recent Comments