Sappurisa Sutta – Uparipannasapali,Anupadavaggo,Majjima Nikaya

සප්පුරිසසුත්තං මජ්ඣිමනිකාය » උපරිපණ්ණාසපාළි » අනුපදවග්ගො

මෙම සූත්‍රයේ සවිස්තරව පැහැදිලි කර ඇති පරිදි ශික්ෂණය අවසානයේ මඤ්ඤනා කිරීමට තුඩුදෙන අනුසයෙන් පවා මිදී සඤ්ඤ වෙදයිත නිරෝධ සමාපත්තියට පත්වීමට මග සලසයි.  සටහන අවසන්

” සප්පුරිසො ච ඛො, භික්ඛවෙ , ඉති පටිසඤ්චික්ඛති – ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියාපි ඛො අතම්මයතා වුත්තා භගවතා. යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතඤ්ඤෙව අන්තරං කරිත්වා තාය නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි, භික්ඛවෙ, සප්පුරිසධම්මො.”

‘‘පුන චපරං, භික්ඛවෙ, සප්පුරිසො සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා  පරික්ඛීණා හොන්ති. අයං , භික්ඛවෙ, භික්ඛු න කිඤ්චි මඤ්ඤති, න කුහිඤ්චි මඤ්ඤති, න කෙනචි මඤ්ඤතී’’ති. ( එහෙත් සත්පුරුෂයා මෙසේ සලකා බලයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය පිළිබඳව පවා අතම්මයතාව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ‘යම් යම් දැයකින්’ මඤ්ඤනා කරත්ද එයින්ම එය ‘අන්සේ’ වෙයි යනුවෙනි. හෙතෙම අතම්මයතාවයම ඇතුළුකොට ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් තමා හුවාද නොදක්වයි. අනුන් හෙළාද නොදක්වයි. මෙයද මහණෙනි සත්පුරුෂ ධර්මයකි.)………..සම්පූර්ණ සප්පුරිස සූත්‍රය කියවීමට  සැ.යු: ආසන්න වශයෙන් සිංහල තේරුම මෙහි ඇත්තත්, නිතරම පාළිය සමගම කියවීමෙන් පරිවර්ථන දෝෂ මග හරවා ගත හැක.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21778

Leave a Reply