Panchasila_Samaadaaniya_Sthaviradaanaya_KhuddakaNikaya_ApadanaPali.

පඤ්චසීලසමාදානියත්ථෙරඅපදානංඛුද්දකනිකාය » අපදානපාළි-1 » සුභූතිවග්ගො » 
‘අනොමදස්සිස්ස මුනිනො, නිසභො නාම සාවකො; තමහං උපසඞ්කම්ම, පඤ්චසික්ඛාපදග්ගහිං. 
‘‘පරිපුණ්ණානි ගොපෙත්වා, පඤ්චසික්ඛාපදානහං; අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ, විනිපාතං න ගච්ඡහං. 
‘‘ස්වාහං යසමනුභවිං, තෙසං සීලාන වාහසා; කප්පකොටිම්පි කිත්තෙන්තො, කිත්තයෙ එකදෙසකං. 
‘‘පඤ්චසීලානි ගොපෙත්වා, තයො හෙතූ ලභාමහං; දීඝායුකො මහාභොගො, තික්ඛපඤ්ඤො භවාමහං.
ආසන්න වශයෙන් සිංහල තේරුම:
“අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් විය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්ච ශික්‍ෂාපද (පන්සිල්) ගතිමි. “මම සම්පූර්‍ණ සිල් රැක, මින් අපරිමෙය්‍ය කල්පයෙහි (සිට) දුගතියකට නොගියෙමි. “එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි. (එම යසස) කල්ප කෝටියක් මුළුල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය. “මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි. (කවර නම් අනුසස් තුනක්ද යත්) මම දීර්‍ඝායු ඇත්තේ වෙමි. මහත්වූ භෝග සම්පත් ඇත්තේ වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේද වෙමි.
.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21740

Leave a Reply