Keppetipola Disawe – National Hero of Sri Lanka

දැයට දිවිදුන් වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව  

වර්ථමානයේ සිංහලයන් බහුල ව ඇතත්, සිංහ ළයක් ඇති සිංහලකම් ඇති සිංහලයන් ඇත්තේ අතේ ඇගිළි ගණනට යැයි කිව හොත් නිවැරදි ය. ගරු නම්බු ප්‍රශංසා ආදියට යට වීමත් නියම සිංහල අධ්‍යාපනයක් නො ලැබීමත් මෙයට හේතු වූවා නිසැක ය. අද බොහෝ පාසැල් ළමයින් එසේ සිංහලකම රැකගෙන වැඩ කල උදාර සිංහලයන් වීරයන්ගේ නම් දනිතොත් එයද ඉතාම අල්ප වශයෙනි. මෙය ඉතා කණගාටුවට කරුණෙකි.

එහෙයින් ඒ සිංහලන්ගේ වීර නම් මෙන් ම වීරකම් ද දැනගෙන ඒවා ආදර්ශයට ගනිමින් නැවතත් සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරවන්නට සුදුසු කාලයයි, දැන් එළැඹී ඇත්තේ

හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව 1817 වසරේ උඩරට නිදහස් අරගලය හෙවත් 1818 ඌව වෙල්ලස්ස අරගලය ඉතිහාසයේ රන් අකුරින් ලියැ වී තිබේ.

1818 නොවැම්බර් මස 26 වෙනි දින අලුයම සිරමැදිරීයේ දොර ඇරුනේ වීර කැප්පෙටිපොලගේ සහ  මඩුගල්ලේගේ හිස ගසා දැමීමටයි.  

වධකස්ථානයට ලංවූ මෙතුමා ඉල්ලා සිටියේ ජලය ස්වල්පයකි. මුහුණ අතපය සෝදාගත් කැප්පෙටිපොල හිස පීරා කොණඩය මුදුන්කර බැඳ ගත්තේ ය. වීර කැප්පෙටිපොල ඉතාම කල්පනාකාරීව මනා සිහිබුද්ධියෙන් යුක්තව දං ගෙඩියට අසලට පැමිණියේ ය. එරමිනිය ගොතා ගෙන ඒ අසල බිම වාඩි විය. බියජනක පෙනුමෙන් යුක්තව සිටි රුදුරු වධකයා දෙස බලා ” ..වධකය මා නව අරහාදී බුදුගුණ පාඨය කියවද්දී මගේ හිස එක පහරින් ම කඳින් වෙන් වන්නට වැරෙන් පහරක් ගසව”යයි නියෝග කළේය…..

කැප්පෙටිපොළ දිසාවගේ හිස ගසා දමන මොහොත සම්බන්ධ පුවත සහ 1818 වෙල්ලස්ස නිදහස් කැරැල්ල ‍ලෝක ඉතිහාසයේම රන් අකුරින් ලියැ වී තිබේ. කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස් කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් මස 26 වැනි දා යළි ලංකාවට ගෙනැවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභිසෙස් තැන්පත් කර එහි ස්මාරකයක් ඉදි කර තිබේ.

සම්පූර්ණ පොත කියවීමට

Keppetopola Disava is remembered for his heroic leadership of the great wellassa Rebellion of 1818, which was the first and the most formidable uprising against the British rule in Sri Lanka, then Ceylon.

The skull of Keppitipola, who lived and died like a hero, was taken to Scotland by a British Doctor who was in the island at the time, to be displayed in a museum in Edinborough. It was brought back in 1948 and in November 1954, it was interred in a special memorial constructed at Maha Maluwa, opposite Dalada Maligawa in Kandy.

Keppitipola, the architect of the movement for national independence, is widely regarded as the greatest national hero in the recent history of Sri Lanka…Read more 

====================================

සුද්දන් කළු සුද්දන්. “සුද්දෝ” හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. “සුද්දන් කළු සුද්දන්” video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි. ජැක්සන් ඇන්තනි

 කැප්පෙටිපොළගේ හිස්කබලට මොකද වුනේ? 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21391

Leave a Reply