Yasoja Sutta – udanapali, nanda vaggo, Khuddaka Nikaya

යසොජසුත්තං – ඛුද්දකනිකාය » උදානපාළි » නන්දවග්ගො

අපගේ එකතු කිරීම:- මෙම බුද්ධ දේශනාව ඇතුලත් වූ සූත්‍රය විචිත්‍රවත් ආකාරයට අපගේ කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන් විග්‍රහ කරන්නට යෙදුනා. උන්වහන්සේ මතුකල මෙම සූත්‍රය ඉතාමත් වටිනා සූත්‍රයක් භාවනායෝගී ගිහි/පැවිදි පිරිසට. බුදුරජාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලා උස් හඩින් කතා කිරීම නිසා නෙරපා දැමීමම උන්වහන්සේලා පාඩමක් කරගත් නිසා මේ 500 දෙනාගේ නිවන් මග එලිවූවා සේම රහත්භාවය ලබාගත් උන්වහන්සේලා අප භාග්‍යවතුන් වහන්සේ පිලිගත් අකාරය මොනතරම් මනස්කාන්ත ද? අපේ කටුකුරුන්දේ ස්වාමින් වහන්සේ විග්‍රහ කරන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලා 500 නම ආර්‍යතුෂ්නිම්භූත භාවයෙන් පිළිගත් බවයි. අප ඔබට ආරාධනා කරනවා මේ සූත්‍රය මුල සිට අගට අවබෝධයෙන් කියවා තමන්ගේ ජීවිත වලට මේ පෙන්වා දෙන ධර්ම කරුණු එකතු කර ගන්න ලෙසට. අපගේ සටහන අවසන් !  

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්ද, මසුන් අල්ලන කෙවුලන් මෙන් උස්හඬ මහහඬ ඇත්තාවූ ඔව්හු කවරහුදැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් අතින් විචාළේය.(‘‘කෙ පනෙතෙ, ආනන්ද, උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ)……

“ස්වාමීනි යසොජ ප්‍රධාන පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය.  ආනන්‍දය, එසේවීනම් මගේ වචනයෙන් ‘ආයුෂ්මතුනි භාග්‍යවතුන් වහන්සේ කැඳවත්යයි” ඒ ‘භික්‍ෂූන්ට අඬගසව්”……….“මහණෙනි, මසුන් අල්ලන කෙවුලන්මෙන් තෙපි කුමක්හෙයින් උස්හඬ මහහඬ ඇත්තාහුදැයි” ඇසූහ. මෙසේ වදාළකල්හි ආයුෂ්මත් යසොජ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ පන්සියයක් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට පැමිණියාහුය. 

…..“මහණෙනි, යව් තොප මා සමීපයේ නොවසව්යයි ඔවුන් නෙරපව්” ඒ භික්‍ෂූහු “එසේය ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට සෙනසුන් හකුළුවා පාත්‍ර සිවුරුගෙන වජ්ජිරට යම් තැනෙක්හිද එහි පයින් වැඩියාහුය….ඉක්බිති ආයුෂ්මත් යසොජතෙමේ වස්වැසුයේ “ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත කැමැත්තෙන්, හිතවත්ව, අනුකම්පාවෙන් කරුණාවෙන් අප නෙරපන ලද්දාහුය. ඇවැත්නි එසේ හෙයින් අපි දැන් යම්සේ වාසය කරණ අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වනසේක්ද එසේ වාසය කරමුයි” කීවේය. “ඇවැත්නි එසේයයි” ඒ භික්‍ෂූහූ ආයුෂ්මත් යසෝජට පිළිතුරු දුන්හ. [6] ඉක්බිති ඒ භික්‍ෂූහු විවෙකයටගියාහු අප්‍රමාදවූවාහු කෙලෙස් තවන්නාහු කාය ජීවිත දෙක්හි අපෙක්‍ෂා රහිතව වාසය කරන්නෝ ඒවස් කාලයේම සියල්ලෝම ත්‍රිවිද්‍යාවන් ලබාගත්තාහුය

සම්පූර්ණ සූත්‍රය කියවීමට යසොජසුත්තං

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21367

Leave a Reply