Cula-hatthipadopama – Mulapannasakaya, Opamma Vaggo, Majjhima Nikāya I

චූළහත්ථිපදොපම සූත්‍රය – මූල පන්නාසකය, 3. ඕපම්ම වර්ගය, මජ්‌ඣිම නිකාය.

.….බමුණ, මෙපමණකින් හස්තිපදොපමය විස්තර වශයෙන් සම්පුර්ණ වූයේ නො වේ. බමුණ, යම්සේ හස්තිපදොපමය විස්තර වශයෙන් සම්පූර්ණ වේ ද, එය ශ්‍රවණය කරව, මනා කොට මෙනෙහි කරව. කියන්නෙමි”. “
15. බමුණ, යම්සේ ඇත් වනයෙහි වාසය කරන්නෙක් ඇත්වනයට පිවිසෙන්නේ ද, හෙතෙම ඇත් වනයෙහි දිගිනුදු දික්වූ, සරසිනුදු පුළුල් වූ මහත් ඇත්පියක් දක්නේ නම් දක්‍ෂ වූ යම් නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ටාවට නොපැමිණෙයි. එ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති වාමනිකා නම් (මිටි වූ) ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් ද දකියි. යමෙක් දක්‍ෂ වූ නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ටාවට නොමපැමිණෙයි. ඒ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති (උස් පහත් දළ ඇති) උච්චා කාළාරිකා නම් ඇතින්නෝ ද ඇත්තාහුමය. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා දකියි. යමෙක් දක්‍ෂ වූ නගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ටාවට නො යේ ම ය. ඒ කවර හෙයින යත්: බමුණ ඇත්වනයෙහි (යටි වැනි උස් වූ පාද ඇති) උච්චා කණේරුකා නම් මහ පිය ඇති ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල උස් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා උස් තැන්හි බුන් අතු හා දකියි. ගසක් මුලට ගියාවූ හෝ අබ්භ්‍යවකාශයට ගිය වූ හෝ ඇවිදිනා වූ හෝ සිටිනා වූ හෝ හුන්නා වූ හෝ වැද හොත්තා වූ හෝ ඒ ඇතු ද දකියි. ‘මේ ඒ මහා ඇතා ම ය’යි හේ නිශ්චයට යෙයි.

අපගේ එකතු කිරීම- මෙන්න කියවන්න තිබෙන හොදම තැන..මේ සූත්‍රයේ අපගේ එකතු කිරීම අවසන්//

16. බමුණ, මේ පරිද්දෙන් ම මේ ලෝකයෙහි අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණයෙන් යුක්ත වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ පහළ වෙයි. හෙ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව ද තෙමේ විශිෂ්ඨඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි…….. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. ……..

අපගේ එකතු කිරීම-ඔන්න බලන්න සීලය කොටස එනම් “නිතිපංසිල් පොහොය අටසිල්” කියා අපේ පැරැන්නෝ කියූ කතාව සනාත වන ආකාරය අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් පැහැදිලි වන ආකාරය  – ඔන්න පංසිල් // ..18. හෙතෙමේ මෙසේ පැවිදි වූයේ භික්ෂුන්ගේ ශික්‍ෂාපද සඞඛ්‍යාත සාජීවයට පැමිණියේ සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ වෙයි. බහා තැබූ ශස්ත්‍ර ඇත්තේ වෙයි. ලජ්ජායෙන් යුක්ත වූයේ දයාවට පැමිණියේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරෙයි. නුදුන් දෙය ගැන්ම හැර නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. දුන් දෙය ගන්නාසුලු වූයේ දුන් දෙය කැමැති වන සුලු වූයේ සොර නොවූ පිරිසුදු වූ සිතින් වාසය කෙරෙයි. අශ්‍රේෂ්ඨචර්යාව හැර ශ්‍රේෂ්ඨචර්යා ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වුයේ වෙයි. ග්‍රාමධර්‍ම යයි කියන ලද මෛථුනයෙන් වැළකුණේ වෙයි. මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වෙයි, සත්‍ය කියනසුලු වුයේ සත්‍යයෙන් සත්‍ය ගලපනුයේ ස්ථිරකථා ඇදහිය යුතු බස් ඇත්තේ ලෝකයා බොරුවෙන් නොරවටන්නේ වෙයි. පිසුනුබස් හැර පිසුනුබසින් තොර වුයේ වෙයි……//.

මෙන්න අටසිල්// 19. හේ බීජසමූහ (පැළවන දෑ) ද, භූතසමූහ (පැළවුන දෑ) ද, සමාරම්භයෙන් (නැසීමෙන්) වෙන් වූයේ වෙයි. එක වේලේ වළඳන්නේ රාත්‍රීභොජනයෙන් වැළක්කේ විකල් බොජුනෙන් වෙන් වූයේ වෙයි. නටනු ගයනු වයනු විසුලු දස්නෙන් දුරු වූයේ වෙයි. මල් ගඳ විලෙවුන් ඇඟ දැරීම, අඩු තැන් පිරවීම, සැරසීම යන මෙයින් වෙන් වූයේ වෙයි. උස්යහනින් මහයහනින් දුරු වූයේ වෙයි. රන්රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි……….//අන්තිමට//. 32. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි. භවාශ්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි ඥානය වෙයි. ජාතිය ගෙවී ගියා ය. බඹසර වැස නිමවන ලද කළ යුතු දේ කරන ලද මින්පසු මේ අර්හත්වය පිණිස කටයුතු අනිකක් නැතැයි දැන ගනියි. //   

සම්පූර්ණ සූත්‍රය කියවීමට  – චූළහත්ථිපදොපම සූත්‍රය

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21325

Leave a Reply