Buddhist Meditation Technique

බෞද්ධ භාවනා ක්‍රම 

අද වන විට බුදු සසුනෙන් පරිභාහිර යෝග භාවනා ක්‍රම හා බෞද්ධ භාවනා ක්‍රම කලවම් කරගෙන බොහෝ දෙනෙකු භාවනා කරන නිසා, චිත්ත සමාධිය ඇතිවීම හෝ ධ්‍යානාංග පහළවීමක් කරා යෑමට වැඩි පිරිසකට නොහැකි වී ඇත.

භාවනා යෝගියෙකුට පෙනෙන නිමිති ආශ්චර්යයක් හෝ විශ්මයක් නොවේ.

භාවනා කරන අය ඉහත සඳහන් මූලික සිද්ධාන්ත මත නොපිහිටා මං මුලා වී අයාලේ යන්නවුන් ලෙස භාවනා කරන්නට යෑමෙන්, කායික, මානසික විඩාවක් මිසක සුවයක් නොලැබී යයි. බෞද්ධ භාවනා ක්‍රමවේදවලට අනුව භාවනා කරන අය දිනෙන් දින රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල සිතෙන් ක්‍රම ක්‍රමයෙන් බැහැරවීම නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, මමත්වය ප්‍රහීණ වෙමින්, සැප දුක, නින්දා, ප්‍රශංසා, ලාභ අලාභ, යස, අයස ආදී අටලෝ දහමින් කම්පාවට හෝ උද්දාමයට පත් නොවී නොසැලී සිටින්නන් බවට පත් වෙති. එසේ වන්නේ දහමට අනුව ඔහු තුළ ඇතිවන යථාවබෝධය හේතුවෙන්ම ය.

පොටවල් වරද්දාගෙන ඇත්නම්, ඒවා නිවැරැදි කර ගැනීමට උත්සාහ කරත්වා. බුදුරදුන් වදාළ දහම අකාලිකයි. ඕපනයිකයි. එනම් සෑම කලකදීම, සෑම දෙනා උදෙසාම එය විවෘතව පවතී. එහි සැඟවුණු කිසිවක් නැත. එබැවින් බුද්ධ දේශනාවෙන් බැහැරව තම තමන්ට සිතෙන ක්‍රම උඩ භාවනා කිරීමට යෑමෙන්  හෝ භාවනා කරන්නට උපදෙස් දීමෙන්, බෞද්ධ භාවනා ක්‍රම තුළින් ලැබෙන සුවය හෝ ප්‍රඥාවේ දියුණුව ලබා ගත නොහැකි වන බව තේරුම් ගත යුතු ය.

බලන්න පහත සූත්‍රයෙන් අප බුදුරජාණන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා රාහුල ස්වාමීන් වහන්සේට දුන් කමටහන් වල විචිත්‍රත්වය. මා ආරාධනා කර සිටිනවා ඔබ සැමට මේ සූත්‍රය මුල සිට අග දක්වා අවබෝධයෙන් කියවා අපේ බෞද්ධ භාවනා වල තිබෙන අකාලිකත්වය හඳුනා ගන්නා ලෙසෙට. අපට භාවනා කරන විට එන ශරීර වේදනා පැහැදිලි කරන්න බුදුදහමෙන් පිටට යන්න අවශ‍ය වන්නේ කුමකට ද මෙවන් ඔවදන් බුදුදහම පුරාවට තිබිය දී…..

මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » භික්ඛුවග්ගො » මහාරාහුලොවාදසුත්තං භාග්‍යවතුන් වහන්සේ – රාහුලං ආමන්තෙසි – ‘‘ආනාපානස්සතිං, රාහුල, භාවනං භාවෙහි. ආනාපානස්සති, රාහුල, භාවනා භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ ( රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”) රාහුල – ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?” ………….

>> 120 ‘‘මෙත්තං, රාහුල, භාවනං භාවෙහි. මෙත්තඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො බ්‍යාපාදො සො පහීයිස්සති (120 රාහුල, මෛත්‍රී භාවනාව වඩව. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.)

>> රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21255

Leave a Reply