Athhareema – Ven Dhamma Gaveeshi Thero

athhareemaඅතහැරීම පූජ්‍ය ධම්ම්ගවේසි හිමි 

ඔබ ධර්මය කියල මොකක් ද හොයන වා. වචන තුලින් ධර්මය දකින්න නමුත් වචන ධර්මය හැටියට දකින්න එපා. මේ ධර්මය කියන්නේ ලෝකේ සරලම දේ. නමුත් අවාසනාවකට අපි ගැඹුරක් මේ වචන තුලින් සොයන්න හදන වා. මේ වචන තුලින් අපි මේ ධර්මය ගැඹුරු කර ගෙන තියෙන වා. අපි කැමති වන්නේ මේ ගැඹුරු බණ පද වලට. සරල තැනින් තමා බුදුරජාණන් වහන්සේ පටන් අරන් තියෙන්නේ. මෙතන තියෙන්නේ ධර්මයේ ගැඹුරු බව නොවේ, මෙතන තියෙන්නේ කෙලෙස් වල ගැඹුරු බවයි……

ඔබයි, මමයි මේ ලෝකේ දුවන්නේ තමන්ට ගැලපෙන දහමක් හොයාගෙනයි. ඔබ ඉන්නේ දෘෂ්ඨි හා මතවාද අවස්ථාවෙයි. එම නිසා ඔබ කැමති විදිහට මේ ලෝකේ දෙස බලන්න එපා………බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සම්මා සමාධිය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ක්‍රමවේදයෙන් පමණයි. ඔබේ ජීවිතයේ හරය සමාධිය නොවේ. සමාධියක් අපේක්ෂා කරන්න එපා. එම නිසා හැම වෙලාවෙම අත්හරින වා කියන සංකල්පය තුල පමණක් ඉන්න.

“දුක දිනා ජයගත් මිනිස්සු” කියා පොතක් ලියා තියෙන වා. ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපරික පිරිස් මහා දුක් විදලා අද කෝටිපතියෝ වුනු ආකාරය වර්ණනා කර තිබෙන පොතක් ඒක. පාන්දරින් නැගිටලා, කිලෝමීටර් ගණන් පයින් ඇවිදලා, පැසැල් ගිහිල්ලා උපාධි ලබාගෙන මහාචාර්‍යවරු වෙලා කෝටිපතියන් බවට පත්වෙලා. මොනාද මේ කියන්නේ මේ දුක උපාදාන කර ගත් ආකාරයි මේ කියන්නේ. මේ සතුටින් වර්ණනා කරන්නේ දුක. දුක දිනා ගැනීමක් නොවෙයි ඒක, වැඩියෙන්ම දුක උපාදාන කරගත් පිරිස ඒ. සාර්ථකව දුක් විදලා කෝටිපතියෙක් වෙලා. බලන්න අපි මොන තරම් මුලාවකට ගිහිල්ල ද කියල? දුක තියෙන්නේ විදින්න නොවේ , මේක අවබෝධ කරන්න තියෙන දෙයක්

ලෝකේ සියලු දෙනා තරග කරන වා විභාග කරන්න, රස්සාවල් කරන්න. නමුත් සම්මා දිට්ඨියේ  ඉන්න කෙනා මේවා දකින්නේ දුකක් විදිහට. දුකෙන් නිදහස් වෙන්න යන කෙනා මේ තරගය තුලට යන්නේ නැහැ. එයා සැලසුම් හදන්නේ නැහැ දුක් විදින්න. දුකෙන් නිදහස් වෙන්න යන කෙනා තරගයකට යන්නේ නැහැ එයා ලෝකේ තුල ඉන්නේ ඕනෙ නිසා ඉන්න වා නමුත් එයා වෙන මානසිකත්වක ඉන්නේ. එය කාටවත් තේරෙන්නේ නැහැ. එයා මේ ලෝකෙ තුල ඉන්න වා සාමාන්‍ය විදිහට ඉන්නවා. සමාජය තුල ඉන්න වා. නමුත් ඇතුලතින් මහා පරිනාමයක් සිද්ධ වෙන වා එයා තුල. ඒ පරිනාමය ආර්‍ය පරිනාමයක් ……

සම්පූර්ණ දේශනාව පහත පිවිසුමෙන්

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20586

Leave a Reply