“ස්පර්ශය” – පටිච්චසමුප්පාද දේශනා (15) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.
භව දියවැලට හසුවුනු ලෝක සත්වයා සංසාර දියසුළි තුලම කරකැවෙන වා. ධම්ම සෝතයට වැටුනු ආර්ය පුද්ගලයා භව නිරෝධය නම් වූ නිවනට ලඟා වෙන වා. මේ දෙක අතර සංදිස්ථානය “ස්පර්ශය” යි.
එක නිසා අද අපි මේ 15වෙනි ධර්ම දේශනයට සුත්ත නිපාතයේ ද්වේතාණුපස්සනා සූත්‍රයේ එන පස්සය පිළිබද එන ගාථා දෙකක් මාතෘකා කර ගත්තා.
මීට කලින් අපි මේ ද්වේතාණුපස්සනා සූත්‍රයේ ගාථා කීපයක් ම මාතෘකා කරගත් නිසා ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සෙ මෙහිදී අනුගමනය කළ දේශනා රටාව. දෙපැත්තකට නැඹුරු වී ඇති ධර්ම ඉදිරිපත් කරමින් ඒවාගේ සමුදය පැත්තත්, නිරෝධ පැත්තත් වෙන් කර දැක්වීම ඒ සූත්‍රයේ දේශනා විලාශය යි.
දැන් පස්සය පිළිබඳ ඒ දෙපැත්ත බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ට දක්වන වා මැනවින් ද්වේතාණුපස්සනාව වැඩීමේ තවත් ක්‍රමයක් ඇත්දැ යි යමෙක් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතු ය. ‘ තිබිය හැකි ය, කෙසේ ද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනී ද, ඒ සියල්ල ස්පර්ශයේ ප්රත්යයෙනි. මේ එක් අණුපස්සනාව කී. ස්පර්ශයෙහි ම නිරවශේෂ විරාගය නිරෝධයෙන් දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අණුපස්සනාව යි.මෙසේ ප්‍රකාශ කරල බුදුරජාණන් වහන්සේ මේ දේවේතාණුපස්සනාවේ යෙදීමේ ආනිසංස දේශනා කොට වඳාළා……
‘‘තෙසං ඵස්සපරෙතානං, භවසොතානුසාරිනං; කුම්මග්ගපටිපන්නානං, ආරා සංයොජනක්ඛයො. ( ස්පර්ශයට ගැති වූ, භව ඳියවැලට අනුව යන්නා වූ, වැරදි මගට පිළිපන්නා වූ ඔවුන්ට සංයෝජන ක්ෂය කිරීම කියන භවබැමි සිදලීම බොහෝම ඈත ය)
‘‘යෙ ච ඵස්සං පරිඤ්ඤාය, අඤ්ඤායුපසමෙ රතා; (නමුත් යම් කෙනෙක් ස්පර්ශය පිරිසිද දැනගෙන ප්රත්යක්ෂ ඥාණය තුලින් සංසිදීමට යන්නාහු ද,) තෙ වෙ ඵස්සාභිසමයා, නිච්ඡාතා පරිනිබ්බුතා’( නමුත් යම් කෙනෙක් ස්පර්ශය පිරිසිඳ දැනගෙන ප්රත්යක්ෂ ඥාණය තුලින් සංසිදීමට යන්නාහු ද, ඔවුන් ඒකාන්තයෙන්ම ඒ ස්පර්ශය තේරුම් ගැනීම නිසා තෘෂ්ණාව කුසගින්න නිවාගෙන පිරිනිවාහු ය.) – 12. ද්වයතානුපස්සනාසුත්තං, 3. මහාවග්ගො, සුත්තනිපාත – ඛුද්දකනිකාය.
1 comments
Meththa …