Amagandha Sutta – Kuddaka Nikaya

Lihiniyanආමගන්‌ධසුත්‌තං – කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වැළදූ බව කියැවෙයි. මෙතනදී ලිහිණියන් ශරීර බුදුපියාණන් වෙනුවෙන් දන්දුන් බවක් නොකියවේ. ලිහිණියන් යනු ඉතා ලස්සන හා අහිංසක කිසිදු හිරිහැරයක් කාහටවත් නැති තම දරුපැටවුන් සමග අහිංසකව අහසේ රෑන් පිටින් ලස්සන රටාවකට ඉගිලෙන පක්ෂී කොට්ඨාශයකී. අහසේ කෑම නැත. අහසේ වතුර නැත. ඒ සියල්ල ලැබීමට උන්ට බිමට ඒමට සිදුවේ. ඉන්නෙ අධික භීතියෙනි….

මොවුන්ගේ මස් එක් අයෙකුට අනුභව කිරීමට අවම තරමින් ලිහිණියන් සියයක්වත් මැරිය යුතු ය. කිසිවකුට කිසි කලක අබමල් රේණුවක වරදක් නොකළ මෙම පක්ෂින්ට වධ දී, අතපය සිඳ මරා, ඇල්හාලේ බත් සමග වැළදීමට කාශ‍යප බුදුරදුන් පෙලඹුනා යැයි පැවසීම ඇදහිය නො හැකි කරුණකී. බුද්ධ අපහාසයකී!බුද්ධ අපරාධයකි.අඳෝමැයි! මෙවන් අපහාස අනන්තරීය පාපකර්මයන් සේ සලකත්වා!!!!

පූජ්‍ය සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමිගේ “නිර්මාංශ ප්‍රශ්නයට පිලිතුරු” කෘතියෙන් උපුටා ගන්නා ලදී.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2014/10/AmagandhiSutta_KuddakaNikaya_ChullaVaggo_SuttaNipatha.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=18585

Leave a Reply