සසරින් එතෙර වීම සැඬවතුර හතරකින් එතෙර වීමක් – පටිච්චසමුප්පාද දේශනා (12) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
‘‘‘කථං නු ත්‌වං, මාරිස, ඔඝමතරී’ (කෙසේ ද නිදුකාණෙනි සැඬවතුරෙන් එතෙර වුනේ?) , අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්” ( මම නො නවතිමින්, නො දඟලමින්, සැඬවතුලින් එතෙර වුනෙමි. – 1. ඔඝතරණසුත්‌තං – 1. නළවග්‌ගො, 1. දෙවතාසංයුත්‌තං, සගාථාවග්‌ගො, සංයුත්‌තනිකාය.
සසරින් එතෙර වීම සැඬවතුර හතරකින් එතෙර වීමක් බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල පෙන් වා දෙන වා. කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියන සැඬවතුර හතරකට හසු වී ගසාගෙන යන ලෝක සත්වයාට ඒ සැඩ වතුරින් එතෙර වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ මැදුම් මගකින් දක්වා වදාළා. ඒ මැදුම්මග තුලිනුත් පටිච්චසමුප්පාද ධර්මය ම ඉස්මතු වෙන වා………..
ධර්මයේ ඒ සදහන් සැඬවතුර වර්ග හතර පිළිබදව එක්තරා මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළා.ඉන් එකින් එක අරගෙන විග්‍රහ කරන්න බලමු…
මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වන ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තුල තිබෙන පටිච්චසමුප්පාදය ධර්මය එක පාරට කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒක අපට ප්‍රකට වන සූත්‍රයක් තමයි 7.මහාචත්‌තාරීසක සූත්‍රය. –2. අනුපදවග්‌ගො , උපරිපණ්‌ණාසපාළි, මජ්‌ඣිමනිකාය. මෙහි කදිමට ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තුල තිබෙන පටිච්චසමුප්පාදය පෙන්නුම් කෙරෙන වා මෙසේ , ‘සම්‌මාදිට්‌ඨිස්‌ස, භික්‌ඛවෙ, සම්‌මාසඞ්‌කප්‌පො පහොති, සම්‌මාසඞ්‌කප්‌පස්‌ස සම්‌මාවාචා පහොති, සම්‌මාවාචස්‌ස සම්‌මාකම්‌මන්‌තො පහොති, සම්‌මාකම්‌මන්‌තස්‌ස සම්‌මාආජීවො පහොති, සම්‌මාආජීවස්‌ස සම්‌මාවායාමො පහොති, සම්‌මාවායාමස්‌ස සම්‌මාසති පහොති, සම්‌මාසතිස්‌ස සම්‌මාසමාධි පහොති, සම්‌මාසමාධිස්‌ස සම්‌මාඤාණං පහොති, සම්‌මාඤාණස්‌ස සම්‌මාවිමුත්‌ති පහොති.’ – මෙලෙස මේ අංග දහය එකිනෙකට බැඳිල තිබෙන ආකාරය ලස්සනට පෙන්නුම් කෙරෙන වා…….
.
.
Recent Comments