Esala Pohoya Day is Today (22nd July 2013)

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 22 වනදා සඳුදා

අද  ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූදිනය අදයි. තුසිත දෙව්ලොව දීදේවතාරාධනයෙන් පසු පස්මහ බැලුම් බලන ලද බෝසතාණන් වහන්සේ දඹදිව මධ්‍යදේශයෙහි කපිල වස්තු පුරයෙහි සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය වූ මහාමායාදේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ අද වැනි ඇසළ පුර පොහෝ දිනයක ය.

ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදුව ඇති ඉතා උතුම් සිදුවීම් රාශියක් පිළිබඳඅපේ ධර්ම සාහිත්‍යයේ ඉතා මැනැවින් විස්තර කොට තිබේ.

එමෙන්ම ගිහි ගෙය පිළිබඳ දැඩි කලකිරීමට හේතු වූ සතරපෙර නිමිති දැකඅභිනිෂ්ක්‍රමණය කිරීම සිදුවූයේ ද ඇසළ පුර පොහෝ දිනයකය.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ වූමහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් යුතුව අජාසත් රජුගේ දායකත්වය ඇතිවප්‍රථම ධර්ම සංගායනාව සිදු කරනු ලද්දේ ද ඇසළ පුරපොහෝ දිනයේය.

බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්මැලි මහා සෑ රදුන්ඉදිකරවීම සඳහා මුල්ගල තබන ලද්දේ ද ඇසළ පොහෝ දිනයකදී බව සඳහන් වේ.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Esala_pohoya_21July2013.pdf[/pdf]

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15319

Leave a Reply