Prathipaththi Poojava – Ven Katukurunde Ñāṇananda Thero

Prathipaththiප්‍රතිපත්ති පූජාව පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

 ~ධමමාරාමො ධමමරතො ~ ධමමං අනුවිචිනතයං
ධමමං අනුසසරං භිකඛු
~ ද්ධමමා න පරිහායතී~

~~ධර්මයෙහි ම වාසය කරන, ධර්මයට ම ඇලූනු, ධර්මය අනුව නිතර සිතන්නාවූ, ධර්මය මෙනෙහි කරන්නාවූ භික‍ෂුව සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැත.~~බුදුපියාණන් වහන්සේගේ ජීවිතයෙ අවසාන භාගය ගැන සඳහන් වන ~~මහා පරිනිර්වාණ සූත්‍රය~~ කියන ඒ සූත්‍රයේ කීප තැනකම දකින්නට ලැඛෙනවා, බුදුපියාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවේ අගය අවධාරණයෙන් දක්වපු හැටි.

බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතල ප්‍රකාශ කරනව, ~~මහණෙනි, මා විසින් අභිඥාවෙන් දැන, දේශනා කරන ලද යම් ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් නුඹලා විසින් මැනවින් ඉගෙන ගෙන, මැනවින් ඇසුරු කළ යුතුයි, වැඩිය යුතුයි, බහුල වශයෙන් පුරුදු කළ යුතුයි, මේ ශාසන බ්‍රහ්මචරියාව දීර්ඝ කාලයක් පැවතීම සඳහා දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ඒ ධර්මයන් පුරුදු කළ යුතුයි.~~ මොනවද ඒ ධර්ම? එතැන සඳහන් වෙන්නෙ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපටඨාන, සතර සමමපපධාන, සතර ඉදධිපාද, පඤච ඉන‍ද්‍රිය,පඤච බල, සතත බොජ්ඣංග, ආර්‍ය අෂ්ඨාංගික මග්ග කියල කියන ඒ සත්තිස් බෝධිපාක්ෂික ධමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ ඒ අවස්ථාවෙ. සංඝයා වහන්සේලා විසින් මෙන්න මේ ධර්ම  හරියාකාරව, ආරක්ෂා කරනව නම්, ඒ ප්‍රතිපත්තිය තමයි මේ ශාසනයේ පැවැත්මට හේතු වෙන්නෙ කියල, ඒ විධියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා.

එතකොට ඒ තුළින් අපි අර ආමිස පූජාව ඉවත දැම්මේ නෑ. ඒක ප්‍රතිපත්ති පූජාවට දොරටුවක් හැටියට සකස් කරගෙන, ප්‍රතිපත්ති පූජාව පිරීමට ධෛර්යයක්, ශක්තියක්, ඊට ඇති බාධක ඉවත් කිරීමට මාර්ගයක්, අන්න ඒ විදියට කල්පනා කරගෙන ආමිස පූජාවෙ යෙදෙනව නම් මේ පින්වතුන්ට පුළුවනි – මේ ජීවිතය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ අතිදීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා මේ විධියට උපදිමින් මැරෙමින් ඇවිල්ල තිඛෙනව – මේ අවස්ථාවෙවත් සංසාරෙන් මිදෙන්න.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15145

Leave a Reply