Saptha Visuddiya saha Vidharshana Nana – Ven Matara Ñāṇārāma Thero

සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥා – පූජ්‍ය මාතර ඥානාරාම හිමි

නිවන් සුවය අත්පත් කර ගැනීමට උපයෝගී වන භාවනා මනසිකාරයක යෙදීමට සිතක් පහළ වීම ද ඉතා දුබල කරුණෙකි. එය මේ පිරිසට අද ලැබී ඇත. මෙයින් නියම ප්‍රයෝජනය ගැනීමට සිතා ගත යුතුය. මෙය මගහැර යාමට ඉඩ තිබේ.

අද පළමුවෙන් එක් කරුණක් මතක් කරමි. එනම්, සති – සමාධි දෙක ගැන සැලකිල්ලක් දැක්වීම ගැනයි. මේ ගුණ දෙක ම යෝගාවචරයාගේ උතුම් ගුණ බව තදින් සලකා ගෙන විසිය යුතුය. භාවනාරම්භයේ දී සතිය යොදන සැටි මැනවින් කියා දී ඇත.

සති-සමාධි දෙක දියුණු කිරීම මුල දී දුෂ්කර කාර්යයක් සේ ද, නොවුවමනා වැඩක් සේ ද වැටහී එය එපා වන්නට ද පුළුවන. මෙය කල් ඇතිව ම තේරුම් ගෙන එහි නොකඩවා යෙදීමට තදින් ඉටා ගත යුතු වෙයි. යෝගාවචරයාගේ දියුණුව නම්, සති – සමාධි දෙකේ දියුණුව බව විශේෂයෙන් සලකා ගත යුතුය. මුල දී සතිය ගැන උනන්දුවෙන් වැඩ කරන විට, සිතට සතිය යොදාලීමට මහන්සි ගන්නා විට, නොදැනීම වාගේ එය සිතට අල්ලන සැටි දැනෙන්නට පටන් ගනියි. පුරුදු වන විට කිසි දුෂ්කරතාවයක් නැතිව එය කළ හැකිවෙයි. එය සිතට මැනවින් ගැලපී යන වැඩක් වශයෙන් දැනෙන්නට පටන් ගනියි. අන්තිමයේ දී සතිය යෙදීමට කිසිදු උත්සාහයක් නැතිව කළ හැකි තත්ත්වයට පැමිණෙන්නේය. එපමණකුදු නොව, ඒ දියුණුවට ගිය සතිය සමාධිය ද සපුරාලන සැටි දැනී යයි. සතිය මැනවින් දියුණු වී යන විට සමාධිය ද එම සන්තානයේ නොදැනීම වැඩී යන්නේය. මෙහි ලා අඛණ්ඩ වූ උත්සාහය ප්‍රයෝජනවත් වන සැටි සලකන්න. සතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් තමන්ගේ ඉරියව් පැවතුම් ගැන සලකා බැලිය යුතුය.

සෑම දන් අභිබවා  ධර්ම දානය ද , සෑම රස අභිබවා  ධර්ම රසය ද, සෑම  රති අභිබවා  ධර්ම රතිය ද, සැම දුක අභිබවා ශාන්ත නිවන ද ජය ගන්නේය˜ යි සර්වඥයන් වහන්සේ වදාරා ඇති බැවින් මේ භාවනා පොත පරිශීලනය කරන සැමට ඒ උතුම්  ධර්ම දානය, ය,  ධර්ම රසය,  ධර්ම  රතිය හා ශාන්ත නිවාණය අත් වේවා යි ඒකාන් ව මෛත්‍රීයෙන් යුතුව ප්‍රාර්ථනය කරමු.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15120

1 comments

    • Asanga on October 20, 2018 at 3:08 pm
    • Reply

    Thank you so much for shairing this precious dhamma book.

Leave a Reply