පරම දුර්ලභ බුදුඋපත

compress_z_p14-parama1එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මා සම්බුද්ධො.

(අංගුත්තර නිකාය – ඒකක නිපාත)

“මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝක සත්වයන් වෙත අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, එක ම පුද්ගලයකු පමණයි ලෝකයෙහි උපදින්නෙ. කවරෙක්ද එම එකම පුද්ගලයා? අර්හත් සම්‍යක් සම්බුද්ධයාණෝයි.”

අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය මහාබෝසත් තාපසතුමාගේ බුදුවීමේ සිට වසර 2602 වැන්නයි. බුදුන් වහන්සේ දෙසූ නිබ්බානගාමිනී සද්ධර්මය පිළිපදින අප උන්වහන්සේගේ සුවිශේෂත්ව ගුණ පිළිබඳ නිරතුරු සිහිපත් කිරිම අපේ ජීවිත ආලෝකවත් කරගන්නට අතිශයෝපකාරි වන බව සිහිකරන්න. බුදුන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ ධර්මය තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ ලෙස දැනගනු ලැබිය යුතු බවයි. ධර්මය දැන බුදුන් පිළිබඳත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳත් එසේම ප්‍රත්‍යක්‍ෂයෙන් දතයුතුයි. බෞද්ධයා අන්ධ භක්තිකයකු නොවේ. ඔහු හැමදේම පිළිගන්නේ පසක්කොට දැකීමෙනි.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Budhu_upatha.pdf[/pdf]

.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14999

Leave a Reply