නිබ්බාන දෙසුම් පෙලේ 11 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි
නාමයත්, රූපයත් ප්‍රත්‍ය කර ගෙන පස්සය හට ගන්නේ නාමයෙන් කරන නම් කිරීමෙන් රූපයට අධිවචනසම්පස්සියකුත්, රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝසම්පස්සියකුත් සැලෙසන නිසා බව පසුගිය දේශනයේ දී විස්තර කරන්නට යෙදුනා. පස්ස කියන වචනය ධර්මයේ යෙදිල තියෙන ආකාරයට, මේ පස්ස කියන වචනය සම්පූර්ණ වන්නේ අධිවචනසම්පස්සිය, පටිඝසම්පස්සිය කියන අංග දෙක එකතු වෙලා. ඒ වගෙම රූපං කියන වචනයට බුදුපියාණන් වහන්සේ දුන්නු විශේෂ නිරුක්තියකුත් අප පැවසුවා ඛජ්‌ජනීය සූත්‍රයේ (සංයුත්‌තනිකාය-ඛන්‌ධවග්‌ගපාළි-ඛන්‌ධසංයුත්‌තං) “රුප්‌පතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා ‘රූප’න්‌ති වුච්‌චති”. යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ…….
රූපයෙහි යමක් ගැටුන විට දැනෙන වේදනාව ඔස්සේ ඇති කර ගන්නා රූප සංඥ්ඥාව එනම් රූපය හදුනා ගැනීම, අදුරේ අන්ඳයෙකුගේ අතපතගෑමක් වගේ. අතට හසුවන රූපයේ නියම තත්වය සැකහැර දැන ගැනීමට සාමාන්‍යයෙන් ලෝකය අතහැර බලනවා. ඇසට පෙනෙන රූපයෙහි නියම තත්වය දැන ගැනීමට අතගා බලනවා.මේ දෙකම අර අන්ඳයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා.
11 වෙනි දේශනය
.
.
Recent Comments