Abinikmana – Ven Katukurunde Ñāṇananda Thero

අබිනික්මන – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

ඈත ජනපදවලින් බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළ සංඝයා වහන්සේලා පිරිසක් පසු දවසේ පිණ්ඩපාතයේ වඩින අතරේ බන්ධනාගාරයට ගිහිල්ලා සොරුන් දැකලා ලොකු සංවේගයකට පැමිණිලා ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, අද අපි පිණ්ඩපාතයේ වඩින අතර හිර ගෙදර හිර කරපු අය බැඳලා ඉන්නා ආකාරය දැක්කා. ඒ අය ඉතාමත් දුක් විඳිනවා ඒ බන්ධන කඩා ගන්න බැරිව. ඒ විදිහට දුක් රාශියක් මැද්දේ වෙනවා දැක්කා.

භාග්‍යවතුන් වහන්ස මීටත් වඩා දැඩි බන්ධන තිබෙනවා ද ලෝකේ? කියලා ඇහුවා. එතකොට බුදු පියණන් වහන්සේ ප්‍රකාශ කරනවා ” මහණෙනි මොනවද ඔය බන්ධන ඔයිටත් වැඩිය සිය දහස් ගුණයක් වැඩි බන්ධනය තමයි ධන ධාන්‍ය, අඹුදරුවන් පිලිබද තණ්හා වශයෙන් ඇති ක්ලේශ බන්ධනය. නමුත් එබඳු ඒ බරපතල බන්ධනය පවා අතීතයේ පුරාණ පඬිවරු සිඳලා දමලා හිමවතට ගිහිල්ලා පැවිදි දම් රැක්කා’ය කියලා ඊලගට ජාතක කථාවක් බුදු පියාණන් වහන්සේ ඒ නිමිත්තෙන් ප්‍රකාශ කොට වදාළා…..

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13764

Leave a Reply