Nibbana ( 3 & 4)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 3 වෙනි සහ 4 වෙනි දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

පටිච්චසමුප්පාදයේ සමුදය, නිරෝධ කියන දෙපැත්තම තේරුම් ගැනීමට අදාලවන ඒ සාධක, සූත්‍ර,  පසුගිය දේශනා වලින් අප ඉදිරිපත් කලා. දියසුළිය ගැන අප තවත් කල්පනා කරලා බලනවා නම් සමාන්තර ගැලපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාද අංග දිය සුළියේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බසින මහා ජල කදට එරෙහිව යා හැකියි කියන…..

අවිද්‍යාව තමයි දියසුළියේ ආරම්භය. ඊලගට මේ අවිද්‍යාව නිසා උසිගැන්වෙන සංස්කාර, යම් කිසි අරඇදීම් ප්‍රයත්න රාශියක් තිබෙනවා නම් අර දියවැල ඉදිරියට ගෙන යන, ඒවා අපට හිතාගන්න පුළුවන් සංස්කාර ලෙසට. ඊලගට ඒ දියවැල ඉදිරියට ගොස් අර මහ ජල කදේ හැපී දියසුළියක් බවට පත්වන අවස්ථාවේ දී අපට සිතාගන්න පුළුවන් ඒ විඥඥාණය, විශේෂයෙන්ම දියවැල පීරාගෙන ඉදිරියට ඇදීම තමයි විඥඥාණය. ඒක මහ ජල කද සමග හැපී නාමරූප ලෙසට එක්තරා ස්වභාවයක් පෙන්නුම් කරයි…..      

3 වෙනි දේශනය

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/08/NIVANA-03.mp3[/mp3]

4 වෙනි දේශනය

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/08/NIVANA-04.mp3[/mp3]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13731

Leave a Reply