Veera Keppetipola Disawe – National Hero

රට වෙනුවෙන් සටනට ගොස් දිවි දුන් වීර කැප්පෙටිපොළ

එදා දක්ෂම අශ්වාරෝහකයා තේරීමේ තරගයෙන් ජයගත්තේ කැප්පෙටිපොල නිලමේ තුමා ය. මෙතුමාගේ සිතට වද දෙන කරුණ වූයේ අධිරාජ්‍යවාදීන්(පරසුද්දන්) නිසා රටට, සිංහල ජාතියට, බුදු සසුනට සිදුවන විපත් පිළිබදවයි.කෙසේ හෝ පරසුද්දෝ රටින් පලවා හැර, රටත්, ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීම සදහා ක්‍රියාත්මක වීමට සුදුසු  අවස්ථාවක් එළෙඹෙන තෙක් නො එවසිලිමත්ව කල් ගත කළේය.

වෙල්ලස්සේ මහා සටනේ කැරලිකාර සිංහල හමුදාව සමග එක්වූ රණශූර කෙප්පෙටිපොල සෙනෙවි තුමා බදුල්ලේ සටනින් ජයගත් පසුව දරුණු සටන් වලින් පසුව මාතලේ සටනින් ජය ගත්හ. මෙයින් තැති ගත් පරසුද්දන් උඩරට අත්හැර දැමීමට පවා තීරණය කළහ. පසුව උඩරට පාලනය හමුදාවට භාර දී, කැරලි කරුවන් ඇල්ලීමට නියෝග කළේය.  මේ කිසිදු කරුණකින් කම්පාවට පත් වූයේ කැප්පෙටිපොල නොවේ……

මරක්කලයෙකු පරසුද්දන්ට ඔත්තුවක් දී ඒ අවාසනාවන්ත  දිනය වූ 1818 ඔක්තෝබර් 28 පරසුද්දන් කෙරෙහි වුවද කිසිදු බියකට හෝ තැති ගැනීමකට පත් නො වුන  වීර සිංහල පුත්‍රයා ” මම තමයි කැප්පෙටිපොළ” යයි දෙවරක්ම පවසමින් සුද්දන් ඉදිරියට පැමිණ භාරවිය. 1818 නොවැම්බර් මස 26 වෙනි දින අලුයම සිරමැදිරීයේ දොර ඇරුනේ වීර කැප්පෙටිපොලගේ සහ  මඩුගල්ලේගේ හිස ගසා දැමීමටයි.  

වධකස්ථානයට ලංවූ මෙතුමා ඉල්ලා සිටියේ ජලය ස්වල්පයකි. මුහුණ අතපය සෝදාගත් කැප්පෙටිපොල හිස පීරා කොණඩය මුදුන්කර බැඳ ගත්තේ ය. වීර කැප්පෙටිපොල ඉතාම කල්පනාකාරීව මනා සිහිබුද්ධියෙන් යුක්තව දං ගෙඩියට අසලට පැමිණියේ ය. එරමිනිය ගොතා ගෙන ඒ අසල බිම වාඩි විය. බියජනක පෙනුමෙන් යුක්තව සිටි රුදුරු වධකයා දෙස බලා ” ..වධකය මා නව අරහාදී බුදුගුණ පාඨය කියවද්දී මගේ හිස එක පහරින් ම කඳින් වෙන් වන්නට වැරෙන් පහරක් ගසව” යයි නියෝග කළේය…..

[pdf]http://www.dhammikaweb.com/pdfs/VeeraKeppetipola.pdf[/pdf]

 

Keppetipola Disawe – Wikipedia, the free encyclopedia

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12255

Leave a Reply