පංච මහා වාදය – බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර ඇති වූ මහා වාද පස
ටී එස් ධර්මබන්ධු
පංච මහා වාදය වූකලී බෞද්ධ-ක්‍රිස්තියානි දෙපස අතර කලකට පෙර ඇතිවූ වාද පසක් එක් රැස් කොට අප විසින් සම්පාදනය කරන ලද ග්රන්ථයකි. ගම්පල වාදය , පානදුරේ වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය, ඌරුගොඩ වත්තේ වාදයත් මෙයට ඇතුලත් ය. බෞද්ධයා බෞද්ධයෙකු හැටියට පෙනී සිටීමට පසුබට වූ අවදියක දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් හා ක්‍රිස්තියානි වියතුන් අතර ඇතිවුනු මෙහි මුලින් දැක්වූ වාද සතර නිසා බෞද්ධයන්ට බෞද්ධයන් හැටියට පෙරමුණට යාමට ඉමහත් රුකුලක් ලැබිණි.
ඒ අවදියේ දී රජයේ උපකාර ලැබුනේ ක්‍රිස්තියානි පක්ෂයටය. එකල ක්‍රිස්තියානි දේව ගැතිවරයන්ගේ වැටුප් පවා ගෙවන ලද්දේ ලක් රජය මගිනි. රැකි-රක්ෂා තාන්න මාන්න බලපොරොත්තුවෙන් සමහරු ක්‍රිස්තියානිය වැළද ගත්හ. බෞද්ධ-ක්‍රිස්තියානි දෙපස අතර ඇති වූ මේ වාද කථා අතුරින් කීපයක් එකල විසූ පඬුවන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කරන ලදුව ප්‍රසිද්ධ කරවූහ. ඒ පොත් වල පිටපත් ඉංග්‍රීසි, ප්රංස, රුසියන්, ඇමෙරිකන් ආදී විදේශික පණ්ඩිතයන් අතට පත්විණි.
ඒ පොත් කියවූ කර්නල් ඕල්කට්, ලෙඩ්බීටර්, බෙනට් ආදී උතුමන් හා බැලවැස්කි මැතිනිය ද බුද්ධ ධර්මය සෙවීම පිණිස සිරිලකට සැපත් වූහ. පසුව ඔවුන් බුදුදහම ප්‍රසිද්ධියේ වැලඳ ගත්හ. ඔවුන්ගේ පැමිණීමක් සිදු නොවුනි නම් අද අප රටේ බෞද්ධ අධ්‍යාපනයෙහි මෙතරම් දියුණුවක් කිසිසේත් ඇති නොවේ.
කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.
.
1 pings
[…] සම්පූර්ණ පංච මහා වාදය පොත මෙම වෙබ් පිටුවෙන් ඔබට නොමිලේ බාගත හැක. http://www.dhammikaweb.com/?p=11931 […]