Theraputtabaya Vasthuwa – Saddharmalankaraya

Therapuththabhayaථෙරපුත්තාභය වස්තුව (ථෙරපුත්තාභය යෝධයාණෝ) සද්ධර්මාලංකාරය

කාශ්‍යප බුදුරජානණ් වහන්සේ වැඩ සිටිනා සමයෙහි මතු කියන ථෙරපුත්තාභය නම් යෝධයාණෝ එක්තරා කෙළෙඹි පුත්‍රයක් හට පුත් ව ඉපිද බල වඩනට නිසි බොහෝ පින්කම් කොට ආයු කෙලවර දෙව්ලොව ඉපිද, දෙව් සම්පත් විද එයින් චුතව ලංකා දීපයෙහි රුහුණු රට ඉපදුනු ඇතුන් දසදෙනෙකුට බල ඇති යෝධයෙක් ව ඔහුගේ පියතුමා සමඟ මහණව පසුව ශ්‍රී සම්බුද්ධ සාසනය රැකීම උදෙසා දුටුගැමුණු රජතුමා සමග එක්ව එලාර රජුන් පරදා තුන්සිංහලයම ඵක්සේසත් කිරීමට දිවිනොතකා සටන් කළ ජාතික වීරවරයෙකී.

පසුව කෙලෙස් සතුරා ජයගැනීම උදෙසා රජතුමාගෙන් අවසර ගෙන නැවත මහණව අප්‍රමාද ව භාවනා කෙරෙමින් සිව්පිළිසිඹියා පත් රහත්බවට පත් මහරහතන් වහන්සේ නමකී.

නමුත් මේ ශ්‍රේෂ්ඨ වීරවරයාගේ අධ්‍යාත්මික පසුබිම සහ ඔහු ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු අඩුපාඩුවකී. තවත් අප ප්‍රමාද නැත. අප සියළු දෙනා (උදා; දහම් පාසැල් ගුරුවරුන්,බුද්ධ ධර්මය උගන්වන, ඉතිහාසය උගන්වන ගුරුවරුන් ඇතුලුව) මෙම සම්බුද්ධ සාසනයට, රට රැකුමට දිවි හිමියෙන් ක්‍රියා කළ වීරවරයන්ගේ නිතරම සංවාදයට බදුන් නොවන්නා වූ මෙම අධ්‍යාත්මික පසුබිම විග්‍රහ කිරීම තුලින් බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

ද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම ථෙරපුත්තාභය වස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 483 සිට 488) Pdf 520 කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Theraputtabhaya_Yodayano_Saddharmalankaraya_page483_488_Pdf520.pdf[/pdf]

 

 ===============================================================

යෝධයාණෝ ගේ පින්තූරය නදීර සහ ආලෝක යන කළණ මිතුරන් ලබාදීමෙන් මෙම ලිපිය තවත් අලංකාර විය.  ඔවුන් දෙදෙනා ද, මෙම සම්පූර්ණ පොත අන්තර්ජාලයට එකතු කළ ඕගාතරන මිතුරුන් ද මේ ධම්ම දානමය පින් අනුමෝදම් වෙත් වා!

 

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

http://www.dhammikaweb.com/?p=10190

 

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11982

Leave a Reply