Sannasa Dhamma Discussion on 11-09-2011

1 වෙනි කොටස

පන්සල් එන හැමෝම මල් පූජා කරනවා. මේ මල් පූජා කිරීම, පහන් පූජා කිරීම බුදුදහමේ කියවුනු දේවල් ද? බුද්ධ පූජාව සම්බන්දව විග්‍රහයක්?

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Sannasa_1.flv[/flv]

2 වෙනි කොටස

සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජානන් වහන්සේට දානයක් පිලිගන්වන එකෙන් ද වැඩි පිනක් සිද්ද වන්නේ? බුදුරජානන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට දානයක් දෙන එකෙන් ද වැඩි පිනක් සිද්ද වන්නේ?

පින් ලබාගෙන ප්‍රතිචාර, ප්‍රතිලාභ විදිහට දේවල් ලැබුනාම එකේ ප්‍රතිලාභයක් විදිහට සසර කෙටි වෙනවා ද? සසර දික් වෙනවා ද? දිව්‍ය භෝග, දිව්‍ය සම්පත්, දිව්‍ය විමාන ලැබුනාම සසර දික් වෙනවා නේද?
[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Sannaesa_2.flv[/flv]

3 වෙනි කොටස

ලොකු මතයක් යනවා මේ දවස්වල පාළියෙන් බණ කියන විට බරට දැනෙනවා කියා. සංඝයා වහන්සේලා ධර්ම දේශනා කරද්දී පාළියෙන් උපහැරනයක් ගෙන ඊට පසු තමයි නැවත සිංහලයෙන් කියන්නේ. මෙය සම්මතයක් ද? එහෙම නැත්නම් පාළියෙන් කියවුනා ම ද මෙහි ගුණ පිහිටන්නේ? සිංහලෙන් කීවා ම වැරදිද?

තථාගතයන් වහන්සේගේ දේශනාව දරාගෙන සිටින්නේ මේ පාළියයි. එම නිසා තථාගතයන් වහන්සේගේ දේශනාව තව දුරටත් වෙනත් භාෂාවන්ගෙන් දූෂණය නොවී ඒ අකාරයටම 2600 ක කාලය ආරක්ෂා වුනේ මේ පාළි භාෂාව නිසයි. නමුත් අපේ ගොඩක් උදවිය ධර්මය සරල කරන්න කියා. අර ඉංග්‍රීසියෙන් කියමනක් තියෙන්නේ ” Play to the gallary ” මේ ගැලරියට play කරන්න ඕනේ අය සමහර වෙලාවට මේ ධර්මය බොහෝම සරල භාෂාවන්ට පරිවර්ථනය කර තිබෙනවා. සමහර පරිවර්ථනය කරල තියෙන ඒවා ඒ අය දන්නෙත් නැහැ.

එකම එක සූත්‍රයක යි තියෙන්නේ බුදුහාමුදුරුවන් දේශනා කල දේවල් වලට භික්ෂූන් වහන්සේලා නොසතුටු වුනා කියලා. එය තමයි මජ්ජිම නිකායේ, මූලපරියාය සූත්‍රය. නමුත් මෙම පරිවර්තනය කල අයෙක් මෙම දේශනාව පරිවර්ථනය කර තිබෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට භික්ෂූන් වහන්සේලා සතුටු වුනා කියලයි. මොකද තව සූත්‍ර 18,000කම තියෙන්නේ සතුටු වූහ කියලානේ. එයාට ඒ නිසා මේකටත් සතුටු වූහ කියලා දන්න හිතෙන්න ඇති. මෙලෙස ධර්මය විකුර්ති වීම…….. 

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Sannaesa_3.flv[/flv]

4 වෙනි කොටස

ධර්මය සරල කරන්න යෑමේ දී වන්නේ, අප නිතරම කථාකරන  ”පාළු ගේ වලං බිදිනවා” කියලා, ඒ වගේ තත්වයකට ධර්මය විකෘති කරගෙන යනවා. පහුගිය දවසක දැක්කා පටිච්චසමුප්පාදය කියන වචනය විස්තර කරලා තියෙන්නේ ‘‘ පටීච්ච” කියලා කියන්නේ පටි =Belt ‘‘ඉච්ච’‘ කියන්නේ කැමැත්ත ඔය විදිහට සම් කියන්නේ සමනේ. ඉතින් ඔය විදිහට මන්ද බුද්ධික ලෙස පරිවර්ථනය කර ඇත.

පාළිය කියන්නේ බුද්ධ දේශනාව. මෙය ආරක්ෂා කරගෙන එහි ආශීර්වාදය ලබා ගන්න.
[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/09/Sannaesa_4.flv[/flv]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11257

Leave a Reply