Panchaseelaye Aanisansa – Ven Mawarale Baddhiya Thero

පංච ශීලය සහ එය ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන්නා වූ ආනිසංස

කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරවාසී – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

පන්සිල් පද පහ මොනවාදැයි නොදන්නා බෞද්ධයන් අප අතර නැත. කුඩා දරුවාට පවා එය කට පාඩම්ය. එහෙත් බොහෝ දෙනාට පංච ශීලය සහ එය ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන්නා වූ ආනිසංස පිළිබඳව නිසි අවබෝධයක් නැත. මෙවර ලිපිය වෙන් වන්නේ පංච ශීලය ආරක්‍ෂා කරන පුද්ගලයාට මෙලොව ජීවිතයේ දී මෙන්ම පරලොව ජීවිතයේ දී අත් විඳින්නට ලැබෙන ආනිසංස පිළිබඳව හඳුන්වා දීමටය.

ශීලය යනු කුමක්ද? අප ගේ සිතෙහි ඇති වන්නා වූ නිවැරැදි සිතිවිලි පදනම් කරගෙන, කායික කි‍්‍රයාවල නිවැරැදි බවක් ගොඩ නැගෙන්නේ නම්, වාචසික ප‍්‍රකාශ නිවැරැදි වන්නේ නම් එතැන පවතින්නේ ශීලයයි. සාමාන්‍ය සමාජයෙහි එය කාය සංවරය, වාචසික සංවරය සහ මානසික සංවර ශීලය ලෙස අරුත් ගන්වා තිබෙන ආකාරය අපට දැකගත හැකිය. බුදු දහමෙහි කායික සංවරය යන්නෙන් අපේක්‍ෂා කෙරෙන්නේ කයින් හෝ වචනයෙන් වැරැදි නොකරන, කායික හා වාචසික අකුසල් නොකරන කල්හි ඇතිවන සංවරකමය. එය ශීලයයි.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Pacil_nodanna_Baudhayan.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5538

Leave a Reply