Asirimath Danaya

අසිරිමත් දානය

නාවල ධම්මානන්ද හිමි

තථාගතයන් වහන්සේගේ අවසන්ම අනුශාසනය වූයේ “ අප්‍රමාදයෙහි “ පිහිටමින්, දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබ නිවන් මග තවමත් විවෘත තිබියදී (බුද්ධෝත්පාද කාලය) ක්ෂණ සම්පත්තිය හෙවත්, අංග විකලත්වයක් නොමැතිව හා කියන දේ තේරුම් ගැනීමට හැකි බුද්ධියක් ඇති උපතත් ලබා තිබියදී අපි නිවන හෝ නිවනට ළං වූ මාර්ග ඵල හෝ ලබාගත යුතු බව ය. එය මතු බුදු වන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ දක්වා වූ අති දීර්ඝ කාලයකට කල් නොදැමිය යුතු ය.

එසේ වන්නට නම් අපි දන් දිය යුත්තේ වෙනත් සම්පත් අපේක්‍ෂා නොකොට නිවන් අරමුණු කොටගෙනමය. දානයේ ප්‍රභේද රැසකි. ඒ සියලු තන්හි අරමුණු නිවනම විය යුතුය. දානය දස පුණ්‍ය ක්‍රියාවෙහි පළමුවැන්නය. දස කුසල් හි දානය ඍජුවම ඇතුළත් කර නැත. එහෙයින් පින්කමක් කුසලයක් බවට පත්කර ගත හැක්කේ දන් දීමේ අරමුණ නිවන සඳහාම වුවහොත්ය.

[pdf]http://www.dhammikaweb.com/pdfs/asirimat_danaya.pdf[/pdf]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5195

1 comments

  1. pls  sent your latest news,

Leave a Reply