හෙළ සාහිත්‍ය ග්‍රන්ථ අතර ජාතක කතා වස්තු විෂයය කර ගනිමින් කරන ලද ගද්‍ය හා පද්‍ය කෘති රාශියක් හඳුනාගත හැකි ය. පොළොන්නරු යුගයේ රචිත අමාවතුර, බුත්සරණ ආදී ගද්‍ය කෘතිවලට ද මුවදෙව්දාවත,සසදාවත ආදී ගී කාව්‍යවලට ද අනුභූතිය වී ඇත්තේ ජාතක කතා බව පැහැදිලි ය.
මෙම කෘති අභ්‍යන්තරය විමසීම තුළින් පැහැදිලි වනුයේ හුදෙක් ජාතක කතා මතම නොයැපී තම පරිකල්පන ශක්තිය මෙහෙයවා ප්‍රතිභා පූර්ණත්වයෙන් ඉදිරිපත් කර ඇති බවයි.
කෝට්ටේ සාහිත්‍ය අම්බරයේ දිදුලණ තාරකාවක් බඳු වෑත්තෑවේ හිමියන් විසින් විරචිත පද්‍ය 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයට කාව්‍යානුභූතිය වූයේ ද ජාතක කතාවකි.එනම් ගුත්තිල ජාතකයයි. උන්වහන්සේ ජාතක කතා වස්තුවේ රිද්මය නොබිඳ, අවශ්‍ය තැන් හඳුනාගෙන අනවශ්‍ය තැන් බැහැර කරමින්, අලුත් වර්ණනා ඉදිරිපත් කරමින් මෙම අනගි කාව්‍යය රචනා කළහ. නිදසුන් ලෙස උදේනි පුර සැණකෙළිය, ගුත්තිලගේ වීණා වැයුමෙහි සාමර්ථය වෙළඳුන් පැවසීම, මූසිලගේ අවගුණ විවරණය, වීණා තරගය නැරඹීමට පැමිණි පිරිස, වීණා තරගයට මඬුව පිළියෙළ කිරීම, දෙවඟන නැටුමේ විලාසය, ජයෝත්සව වැනුම, නිසා වැනුම, උදය වැනුම, දෙව්ලොව ගමන් මග වැනුම ආදිය පෙන්වා දිය හැකි ය.
රොටුඹ ජෝතිධම්ම හිමි
Recent Comments