“තන්හාව” – පටිච්චසමුප්පාද දේශනා (17) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.
‘‘තණ්‌හාදුතියො පුරිසො, දීඝමද්‌ධාන සංසරං;
ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, සංසාරං නාතිවත්‌තති.
‘‘එතමාදීනවං ඤත්‌වා, තණ්‌හං දුක්‌ඛස්‌ස සම්‌භවං;
වීතතණ්‌හො අනාදානො, සතො භික්‌ඛු පරිබ්‌බජෙ –
සත්වයා භවයෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදෙමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙලි කළ වදාළා. සසර පැවැත්ම දුකක් බව නො තේරෙන්නෙත්, ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබිය හැකි ය කියන අවිද්‍යාව නිසයි. තෘප්තියක සේයාවක් පෙන්වමින් පිටිපස්සෙන් ඉදගෙන සත්වයා පොලඹවන ඒ බලවේගය “ තන්හාවයි”
තන්හාව දෙවෙනිය කරගෙන දීර්ඝ කාලයක් සත්වයා සසර සැරිසරන බව ප්‍රකාශ කරන මේ ගාථා දෙක, අද අපි මේ 17 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකා කර ගෙන පටිච්චසමුප්පාද ධර්මය තුල ” තන්හාව” වැදගත් වන ආකාරය සාක්ච්ඡා කරන්න යි බලපොරොත්තු වන්නේ.
මේ ගාථා දෙකත් දකින්න ලැබෙන්නේ 12. ද්‌වයතානුපස්‌සනාසුත්‌තං, 3. මහාවග්‌ගො, සුත්‌තනිපාත – ඛුද්‌දකනිකාය. මේ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ “තන්හාව” පිළිබඳව ද්වේතාව ඉදිරිපත් කරන්නේ මෙහෙමයි.
මහනෙණි, මැනවින් ද්වේතාණුපස්සනාව වැඩීමේ තවත් ක්‍රමයක් ඇත්දැ යි යමෙක් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතු ය. තිබිය හැකි ය, කෙසේ ද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනී ද, ඒ සියල්ල ‘ තන්හාව’ ප්‍රත්‍යයෙනි. මේ එක් අණුපස්සනාව කී. ‘තන්හාවේ’ නිරවශේෂ විරාගය නිරෝධයෙන් දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අණුපස්සනාව යි….
Recent Comments