Hanwalle Medhankara himi – Dhamma Desana – 06/12/2015

Captureරූප බල බල සතුටු වෙන වැඩෙන් අයින් වෙන්න කැමති ද? – පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි

ගෙදර අපල නැද්ද? හෙනහුරු අපල තියෙනව ද? සසරේ අනුන්ට හෙන ඉල්ලලා හුරු වෙලා තිබුන නම් හෙනහුරු අපල ඇති. හෙන ගහපන් කියා තියෙනව ද? ඔන්න ඕකට ආපු ඵලය, අපලයයි. මේ සසරේ වැඩිපුරම කේන්ද්‍ර කර ගත් ටික කේන්දරේ තියෙන වා.

සසරේ වැඩිපුර ලැග්ග තැන ලග්නෙ තියෙන වා. මේ සසරේ වැඩි පුර ග්‍රහනය කර ගත්ත ටික ග්‍රහයගේ තියෙන වා. මේ සසරේ මොන දහයෙන් ද ආවේ කියා දසාවේ තියෙන වා. දස කුසලයෙන් ආවා නම් දසාව හොදයි, දස අකුසලයෙන් ආවා නම දසාව නරකයි. දැන් හදහන බලා ගත්ත නේ ද?…….

මූනේ හිනාවක් තිබුනට හිත ඇතුලේ කොච්චර බයක් තියෙනව ද?…..

ජාතිවලට කැමතියි, ජරාමරණෙට කැමති ද? ජාති අල්ලලා අපි සතුටු වෙන වා, ජරාමරණ එනකොට අඩන වා.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20567

Leave a Reply