Comments/Criticisms that distort Buddha’s word – මස්මාන්ස කෑම සදහා බුද්ධ වචනය විකෘති කරන අටුවා/ටීකා

මස්මාංශ අනුභවයට තිබෙන රසතෘෂ්ණාව නිසා බුදුහාමුදුරුවන්ව ඇපයට අරගෙන බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මස්මාන්ස අනුභවයට අටුවාචාරීන් පුදුමාකාර වෙහෙසක් දරා බුද්ධ වචනය අටුවා ටීකා හරහා විකෘති කර ඇති අන්දම  සවිස්තරාත්මක විග්‍රයකට යනවිට, අටුවාචාරීන්ට සහ ඔවුනගේ අනුගාමිකයින් වන බුදුන්ගේ නාමයෙන් මස්මාංශ අනුභවය කරන සමහර සන්ඝයා වහන්සේලා සහ ගිහි   දේශකයන්ට පුලුවන් වුනා පශ්චාත් පිටක ග්‍රන්ථයන්(මෙය ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු ගොඩනැගී සත වර්ෂ ගණනාවක් තිස්සේ සංවර්ධනය වීමෙන් පසු අද මේ තත්වයට පත්ව  ඇත.) හරහා  ඔවුනගේ මස්මාංශ පරිභෝජනයට බුදුරජාණන් වහන්සේව ඇපයට ගන්න. එයට උදාහරනයන් වශයෙන් ආමගන්දී සූත්‍රය වගේ  සූත්‍රත්  බුද්ධඝෝෂගේ කම්ම සරික්ඛතා සංකල්පය නොහොත් සමාන කර්මයන්ට සමාන විපාක නමැති මිත්‍යාදෘෂ්ඨිය, ප්‍රේත වත්ථු සහ විමාන වත්ථු හරහා ඇතුල් කර ඒ හරහා බුදුන්ගේ නමට බැර කරන්න. ඒක බුදුන්ට කල අපවාදයක්, අගෞරවයක්,  බුද්ධ  වචනය විකෘති  කිරීමක්. ( මේ සදහා විස්තරාත්මක විග්‍රහය මෙම වෙබ්පුටුවේ ඇත.  බුදුවදනට පටහැනි, බුද්ධඝෝෂ හිමියන්ගේ කර්ම විග්‍රහය බුද්ධඝෝෂ කම්ම සරික්ඛතා සංකල්පය නොහොත් සමාන කර්මයන්ට සමාන විපාක

දැන් නැවත අප පෙන්වූ වනිජ්ජා සූත්‍රයෙන් බුදුන් තහනම් කල මස්මාන්ස වෙළදාම කෙසේ ද අටුවාව විකෘති කරන්නේ මස්කෑම සදහා කියල බලමු. “මංසවණිජ්‌ජා අකරණීයා” බුදුන් මස් වෙළදාම තහනම් කරපු ගමන් මේ මස්මාංශ කන අයගේ ප්‍රධාන හේතු කාරකය එතනින්ම නැසෙන වා. මොකද බුදුන් දෙසූවේ හේතුපල දහමක් (දැන් මෙය අවබෝධයෙන් විග්‍රහයක යෙදෙන විට බලන්න බුදුරජාණන්ගේ හේතුපල දහම මෙතනටත් ලස්සනට ගැලපෙන ආකාරය. බුදුරජාණ්න් වහන්සේ හේතුව නසන්නනයි ධර්මය දේශනා කොට වදාළේ. සතුන් මරන්නෙත් නැත්නම්, මස් වෙළදාම් කරන්නේත් නැත්නම්  ඔබ කෙසේ ද මස්මාංශ අනුභවය කරන්නේ??) බුදුරජානන්වහන්සේ මේ සූත්‍රයෙන් මස්මාන්ස තහනම් කලා ඒකට මරපු සතුන්ගේ  මස් ද, ඉබේ මැරුණු සතුන්ගේ මස් ද කීවේ නැහැ මොකද එහෙම කීවා නම් අපේ උන්දැලෑ කන්න ඕනි වෙනකොට කබරගොයා තලහොයා කරගන්න බව බුදුන් වහන්සේ  දන්න නිසා. එම නිසා දැන් ඉබේ මැරුනු සතුන්ගේ මස් බුදුන්  වැළදුවා කියන කථාවත් ප්‍රතික්ශේප වෙනවා. 

දැන් මෙන්න බලන්න අහෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය විකෘති කරන හැටි වනිජ්ජාවට දුන් අටුවාවෙන් සහ ටීකාවෙන්. (අප අමතක නො කළ යුතු යි, අටුවාව කියන්නේ බුද්ධ වචනය නොවේ කියල.)

අටුවාව –වණිජ්‌ජාසුත්‌තවණ්‌ණනා

177. සත්‌තමෙ වණිජ්‌ජාති වාණිජකම්‌මානි. උපාසකෙනාති තිසරණගතෙන. සත්‌ථවණිජ්‌ජාති ආවුධභණ්‌ඩං කාරෙත්‌වාතස්‌ස වික්‌කයො. සත්‌තවණිජ්‌ජාති මනුස්‌සවික්‌කයො. මංසවණිජ්‌ජාති සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයො. මජ්‌ජවණිජ්‌ජාති යංකිඤ්‌චි මජ්‌ජං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. විසවණිජ්‌ජාති විසං කාරෙත්‌වා තස්‌ස වික්‌කයො. ඉතිසබ්‌බම්‌පි ඉමං වණිජ්‌ජං නෙව අත්‌තනා කාතුං, න පරෙ සමාදපෙත්‌වා කාරෙතුං වට්‌ටති.

අටුවාවේ සිංහල තේරුම –“වණිජ්‌ජාති” යනු වාණිජ ශාස්ත්‍රය යි / කර්මය යි. “උපාසකෙනාති” යනු තිසරණ සරණ ගිය කෙනා යි. “සත්‌ථවණිජ්‌ජාති” යනු අයුධ සකස් කර විකිණීම යි. “සත්‌තවණිජ්‌ජාති” යනු මිනිස් වෙළඳාම යි. (මිනිසුන් විකිණීමනොහොත් වහල් වෙළඳාම). “මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි. “මජ්‌ජවණිජ්‌ජාති” යනු යම් කිසි මද්‍යක් (මදයට හේතු වන දෙයක්) සකස් කර විකිණීම යි. “විසවණිජ්‌ජාති” වස විෂසකස් කර විකිණීම යි. මේ සියලු වාණිජ කර්මයන් තමා නො කිරීම සහ අනුන් උනන්දු කරවීම ද නො කළ යුතු ය. මෙයට අනුව “මංසවණිජ්‌ජාති” යනු ඌරන්, මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන් විකිණීම යි. ( අපගේ අදහස:- කොහොමද රසතෘෂ්ණාවේ රග)

අපි දැන් යමු ටීකාව දෙසට  මෙය තවත් විස්තර කෙරේ 

7-8. වණිජ්‌ජාසුත්‌තාදිවණ්‌ණනා – (ටීකාව) –

සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයොති සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං මංසං සම්‌පාදෙත්‌වා වික්‌කයො

සිංහල තේරුම – “සූකරමිගාදයො පොසෙත්‌වා තෙසං වික්‌කයොති” යනු ඌරන් මුවන් ආදී සතුන් පෝෂණය කර ඔවුන්ගෙන් මස්සම්පාදනය කර විකිණීම යි.

අපගේ විග්‍රහය:– ඔබට වැටහෙනවා නේද අටුවාව සහ ටීකාව බුදුන්ගේ නාමයෙන් මස්මාන්ස කන්න තියෙන රසතෘෂ්ණාවට බුද්ධ වචනය අමු අමුවේ විකෘති කර ඝාතනය කර ඇති අන්දම. 

වනිජ්ජා සූත්‍ර විග්‍රය මෙම වෙබ් පිටුවේ ඇත.  7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22858

Leave a Reply