Mahāpuṇṇama sutta (1. 9), Uparipaṇṇāsapāḷi, 1.Devadahavaggo,Majjhimanikāya III

Eye9. මහා පුණ්ණමා සූත්‍රය  1. දේවදහ වර්ගය, උපරි පණ්ණාසය,මජ්ඣිම නිකාය

“ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” “මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.

“ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔව්හුම පඤ්ච උපාදාන ස්කන්ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?” “මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන ස්කන්ධයන් හැර අනිකක් උපාදානද නොවෙයි” “මහණ, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක්වේද, එය එහි උපාදාන යයි, (දැඩිකොට අල්වා ගැනීමයි.)”

“ස්වාමීනි, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බවක් වන්නේද?”

මහණ, වන්නේයයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මේ ලොකයෙහි ඇතමෙකුහට මෙබඳු සිතක් වෙයි. ‘මතු කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වෙදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි යනුවෙනි. මහණ, මෙසේ වනාහි පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බව වන්නේයයි” වදාළේය………….

“ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීමට හෙතුව කවරේද? – “මහණ, සතර මහාභූතයෝ වනාහි රූප ස්කන්ධයාගේ පැනවීමට හෙතු වේ……

.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/05/Mahāpuṇṇama_sutta_Uparipaṇṇāsapāḷi_Devadahavaggo_Majjhimanikāya_III_Sinhala.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20557

Leave a Reply