Mangala Dharma Vistharaya – Ven.Rerukane Chandawimala Thero

mangala-dharma-wistharayaමංගල ධර්ම විස්තරය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

නීතිගරුක සමාජය දියුණුය. නො දියුණු සමාජයක නීති රීති ද නැත. පුද්ගලයකුගේ හෝ ජාතියකගේ අධ්‍යාත්මික හෝ බෞතික දියුණුව ලබාගත හැක්කේ නීතිරීති මගිනි.

නීතිරීති ගරු කිරීම යම්තාක් දුරට දියුණු ද, ඒ තරමට ඔවුහු දියුණු වෙති.

ජීවිතයක බාහිරව පැවති නීතිරීති බෞතික දියුණුව ගෙන එයි. එය ලෞකිකය. එමෙන් ම තාවකාලිකය. හොඳින් හෝ නරකින් යමක් උපයා ගැනීමත් පරිභෝගයත් යන දෙක ම ජීවිතයේ එක ම අවධියක අවසන් වන්නේත් එතැන් සිට ඔහු පසුතැවිල්ලට යොමු වන්නේත් ඒ නිසා ය.

එයින් සැනසීමක් ලද නො හැකිය. ආධ්‍යාත්මික දියුණුව සදා සුන්දර ය. ඉන් විපුල ඵල ලැබේ. බුද්ධ ධර්මය අධ්‍යාත්මික දියුණුවේ මාර්ගයයි.

ඒ ඒ පුද්ගලයන්ගේ චරිත වර්ධනයට පොහෝනා ධර්මනීති ඔවුන්ගේ ම ජීවිතයේ අවයව කොට දැක්වීම දේශනා මාර්ගයෙහි එන සාමාන්‍ය පිළිවෙලයි. මංගල සූත්‍රය ද එවැනි ධර්මනීති පද්ධතියකි.

Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3817

Leave a Reply