ආගම නමින් මෝඩකම් කරන සිංහල බෞද්ධයෝ

රාහුල හාමුදුරුවන් ‍පිළිබඳ විශේෂ උත්සවයක් මේ නොබෝදා කොළඹ දී පැවැත්වුණා. අපේ රටේ බෞද්ධ යතිවරුන් අතරින් ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකිය හැකි යතිවරයාණන් වහන්සේ කෙනකු ලෙස රාහුල හිමියන් හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේගේ ප්‍රඥාවන්තභාවයට කිට්ටු වෙන්න ලේසියෙන්ම වෙනත් බෞද්ධ භික්ෂුවකට බැහැ. ඒ ප්‍රඥා මහිමයෙන් උන්වහන්සේ මිථ්‍යා දෘෂ්ටික මතවාදවල එල්බගෙන සිටින බොහෝ මෝඩ සිංහල බෞද්ධයන්ට සැබෑ බුදුදහම කුමක්ද යන්න මනාව පහදා දී තිබෙනවා. “ලක්දිව බුදු සමයේ ඉතිහාසය”, “බුදුන් වදාළ ධර්මය” මෙන්ම මේ “සත්‍යෝදය” පොතත් ඒ අරමුණින් ලියූ කෘතියක්.

“සත්‍යෝදය” යනුවෙන් නම් කෙරෙන මෙම ග්‍රන්ථය රාහුල හිමියන් 1933 – 34 කාල වකවානුවේදී පමණ එනමින් ලියූ පත්‍රිකා හතක එකතුවක්. මෙහිදී බොහෝ විට ප්‍රශ්න – පිළිතුරු ආකෘතිය යොදාගෙන තිබෙන බව පෙනෙනවා. එය යමක් සරලව හා නිරවුල්ව වටහා දීමේ අගනා ක්‍රමවේදයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. “සිංහල බෞද්ධයෝ දුරදිග නොබලා ආගමේ නමින් මෝඩකම් කරන බව” රාහුල හිමියන් මේ පොතේ එක් තැනක කියා තිබෙනවා. (මගේ මේ තීරුවට අදාළ ශීර්ෂය මා යොදා ගත්තෙත් ඒ ප්‍රකාශයෙන්) ඒ මෝඩකම් මොනවද යන්න මේ පොත කියවීමෙන් අපට වටහාගන්න පුළුවන්….

Read more 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22434

Leave a Reply