අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
චරිත කථාව
රේරුකානේ චන්දවිමල යන උතුම් නාමය අසන කනට, දකින නෙතට, සිතන සිතට, ගෙනෙනුයේ ද උතුම් සුවයකි. මන්ද ලොව උතුම් ම සුවය ලබනු සඳහා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් මඟ පෑ හෙයිනි.උතුම්ම සුවය නිවන් සුවයයි. ඒ සුවය විඳීමට ති‍්‍රපිටක ධාරියකු වීමෙන් පමණක් නොහැකිය. ධර්මය ජීවිතය තුළින්දැකීමට හැකි වියයුතුය.
ඒ සඳහා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ති‍්‍රපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝයි.
උන් වහන්සේගේ අතින් ලියැවුණු දහම් පොත් හුඟක් අදත් මේ දිවයිනේ දහම් සොඬුන් අතර දහම් දෙසමින් වැඩ ම කරති.වසර කිහිපයකට පෙර පොත් පිළිබඳව අප විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළිවූයේ වැඩිම ප‍්‍රමාණයක් පළ වී තිබුණේ ද අලෙවි වී තිබුණේ ද බෞද්ධ පොත් බවය. වැඩි දෙනෙක් කියවා තිබුණේ රේරුකානේ නාහිමියන් ගේ පොත් ය.
උන්වහසේගේ පොත් මෙම වෙබ් අඩවියෙන් ඔබට නොමිලේ ලබාගත හැකිය.
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
4 comments
Skip to comment form
මේ කරන සත් කාර්්‍යයට ඔබට බොහෝ පිං
Author
ඔබට තෙරුවන් සරණයි.
මෙය ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. මම සුබපතමි.
රේරුකාණේ නායක හිමියන් ගැන මා දැනගත්තේ 2010 වසරේ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ චරිතාපදානය කියවිමෙනි. මෙවන් උත්තමයෙකු සිටින තාක්කල් කිසිදු හැගීමක් නොලබන්නට අපි කෙතරම් පවුකාරද සිතමි.