“ස්ත්‍රීන් හා සබඳකම් පැවැත්වීම” – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි.
ශාසනාවතරණය පිටු අංක 211 සිට 216 දක්වා
පැවිද්දන්ට ඉතා ම හිතවත් පිරිස ඉතා ම උපකාරක පිරිස උපාසිකා පිරිස ය. එහෙත් පැවිද්දන්ගේ විනාශයටත් නොයෙක් විට හේතු වන්නේ ස්ත්‍රීය ම ය.
මේ සස්නෙහි ස්ත්‍රීන් නිසා පරිහාණියට පත් වූ පැවිද්දෝ බොහෝ ය. මහණෙනි, මාරයා ගේ තොණ්ඩුව” ය යි කිය යුත්තේ ස්ත්‍රියට ය. ස්ත්‍රිය මෙසේ බැවින් ඔවුන් ඇසුරු කරන පැවිද්දන් ඉතා පරෙස්සමින් එය කළ යුතු ය.
ඇතැම් නවක පැවිද්දෝ වරදක් කරන්නේ නැති නම් ස්ත්‍රියක හා කථා කළාට, ස්ත්‍රියකට යමක් දුන්නාට, ඇගෙන් යමක් ගත්තාට ඇති වරද කුමක් ද? යි කියමින් ස්ත්‍රීන් හා ආශ්‍රයට පැමිණෙති. ඔවුන් මුලින් එසේ කරන්නේ යම් කිසි අනාගත බලාපොරොත්තුවක් ඇති ව නොව, හුදු විනෝදය පිණිස ය.
එහෙත් එසේ කර ගෙන යන ඒ පැවිද්දන් තුල ඔවුන්ට නො දැනීම කාමරාගය හට ගනී. ඔවුන්ට නො දැනීම ක්‍රමයෙන් එය මෝරයි. කාමච්ඡ්න්දය මේරූ කල්හි එයින් ඒ පැවිද්දා අන්ධ වේ. අනාගතයේ දී තමාට විය හැකි නපුර ඔහුට නො පෙනෙන්නේ ය.
පිටු අංක 211 සිට 216 දක්වා කියවීමට
මෙම සම්පූර්ණ “ ශාසනාවතරණය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.
Recent Comments