භාවනා මාර්ගය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
1. මයිත්‍රී භාවනාව තුලින් මතුකරගන්නා චිත්ත විමුක්තියේ ආනිශංස පක්ෂය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත් ඉහලින් වර්ණනා කර තිබෙනවා. මෙත්තාචෙතොවිමුත්ති නමින් හැඳින්වෙන ඒ චිත්ත තත්වය දානා දී පින්කම්වල සියලුම කුසල් බලය අභිබවා බැබලෙන, ඊට වඩා වටිනාකමක් ඇති ඒ වගේම යම් යම් බරපතල කර්ම විපාක වල පවා බලය බිඳින ප්‍රබල කුසල් සිතක් බව බුදුරජාණන් වහන්සේ පෙන්නා දීලා තිබෙනවා..
2.“අනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා” යම් කෙනෙකු විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේ ද ” අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා” බුදුරජාණන් වහන්සේ විසින් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේ ද ” සො මං ලොකං පභාසෙති-අබ්භාමුතේතාච් චන්දිමා” ඒ භික්ෂුව, ඒ තැනැත්තා, කළුවළාකුලින් මෑත්වුනු සඳමඬල වගේ මේ ලෝකය ආලෝකවත් කරනවා!
3.තරුණකමත් නිරෝගිකමත් නිසා ඇතිවන මාන්නයටත් වඩා තමා ජීවත් කියන අදහස තුළින් ඇතිකර ගන්නා මානය, ප්‍රමාදයට හේතුවෙනවා. ඒ ප්‍රමාදයෙන් අප්‍රමාදීව නිවන් ගමනට යොමුවෙන්න මරණසතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළ සේක…..
ඉහත භාවනාවන්ට අමතරව සුඤඤතානුපස්සනාව, අට්ඨික සඤඤාව, ධාතුමනසිකාරය, නාමරූප, සමථ-විපස්සනා ගැන මනා විග්‍රහයක් මෙම වටිනා ධම්ම ග්‍රන්ථයේ අඩංගු වී ඇත.
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
.
1 pings
[…] උපුටා ගැනීම පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිම විසින් රචිත “භාවනාමාර්ගය“පොතේ පිටුඅංක 10 සිට 12 දක්වා. මෙම සම්පූර්ණ පොත බාගැනීමට පිවිසෙන්න. භාවනාමාර්ගය […]