සියල්ල ‍පූර්ව කර්මයන්ගේ විපාකයන් ලෙසම සිදුවන්නේ ද?

karmaසිදුවන ඕනෑම සිදුවීමක් පෙර කර්මයටම බැර කිරීම ඇතැම් බොදුනුවන් විසින්ම සිදු කරන්නෙකි. මෙහි පහතින් දැක්වෙන්නේ සත්ත්වයා හට සිදුවන දෑ පූර්ව කර්මයට අමතරව තවත් නියාම ධර්මයනට ද අනුව ඒ ඒ තැන්හි දී සිදුවන ආකාරය පිළිබඳව සර්වඥයන් වහන්සේ විසින්ම වදාල සූත්‍ර දේශනාවෙකි.

මෙම සූත්‍ර දේශනාවේ දී, නියාම ධර්මයන්   වඩාත් විස්තාරණය කර දක්වමින්, පිතද, සෙමද, වාතයද, සන්නිපාතයද, සෘතුවද, විෂම පැවැත්මද, උපක්‍රමයද, කර්ම විපාකය ද යන හේතු අටකින් යුතුවම පුද්ගලයන් විෂයෙහි සිදුවන කාරණාවන් වන බව තථාගතයන් වහන්සේ  විසින් මනාකොට පෙන්වා දී වදාල සේක.

සංයුක්ත නිකාය, වේදනා සංයුක්තය , 1 වැනි සගාථ වග්ගය, අට්ඨසත පරියාය වග්ගය

 

3.  සීවක සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම් සථානයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි මොළිය සීවක නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු වූ සිහිකටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් මොළිය සීවක පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

 භවත් ‍‍‍ගෞතමයන් වහන්ස, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ උපෙක්‍ෂාවක් හෝ විඳී ඒ සියල්ල පෙර කරන ලද හේතු නිසායයි මෙසේ කියන මෙවැනි දෘෂ්ඨි ඇති සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. භවත් ගෞතමයන් වහන්සේ මෙහිදී කුමක් කියන්නේ ද?

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11856

Leave a Reply