Sathwayan Upadhina Sthana – Ven Rerukane Chandawimala Thero

sathwayan සත්වයන් උපදනා ස්ථානයෝ “
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් “සත්වයන් උපදනා ස්ථානයෝසම්බන්දව පලකර කොටසින් (පිටු අංක 189 සිට 196) පිටපත් කර ගන්නා ලදී.

තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය, මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.

එහි අපාය භූමි සතරය, යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.

සසර සැරිසරන්නා වූ සත්ත්වයන් සුගතියෙහි ද උපදින නුමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙහි ය. එ බැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්ත්වයකු විසින් වර්ෂ සිය ගණනකට වරකුදු පිපාසාව සන්සිඳෙන පමණට පැනක් හා කුසගින්න සන්සිඳෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේත ව අතීතයෙහි උපන් වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.

භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල්වලින් හනිමින් ගිනියම් වූ ලොහො ගුලි ලෝදිය මුව බහාලමින් අපමණ දුක් දෙන සඤ්ජිවාදි නරකවල උපන් වාරයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැඳුන හොත් සත්ත්වයාට මතු ද එසේ ම කටුක දුක් බොහෝ විඳින්නට සිදු වන්නේ ය.

කරුණු මෙසේ හෙයින් සසර රැඳී සිටීමේ භයානකත්වය කියා නිම කළ නොහේ. ඒ බව දත් බුද්ධාදි උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතර ව නිවන් පුරයට පිවිසුනාහු ය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සාහ කරත්වා.

ඉහත පිටු කීපය කියවීම/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න

 

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10100

Leave a Reply